පිලිපීනයේදී දිලිප්, හේමන්ත රන් පදක්කම් දිනයි, අජිත්ට ලෝකඩ පදක්කමක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

පිලිපීනයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්විය.

මීටර් 400 අවසන් තරගයට සහභාගීවෙමින් දිලිප් රුවන් තත්පර 46.87 ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගත් අතර අජිත් ප්‍රේමකුමාර ලෝකඩ පදක්කම හිමිකරගත්තේය.

මීටර් 1500 පිරිමි ඉසව්වට සහභාගීවෙමින් දමිත් හේමන්ත කුමාර ද රන් පදක්කම දිනා ගැනීමට සමත් ව තිබේ.

මීට අමතරව අමිල ජයසිරි ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දුර පැනීමේ ඉසව්වට සහභාගීවුව ද , පාදයේ ආබාදයක් මතුවීම හේතුවෙන් තරගයෙන් ඉවත්ව තිබේ.

පසුගිය වසර පුරාම පාදයේ ආබාදයකින් පෙළුණු ඔහු, ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස ඉවත් වී තිබේ.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org