ජපන් ගමනින් අනිල් විසිවෙයි – දරු දැරියන්ට වෙහෙසකර ගුවන් ගමනක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

The controversial manager of the Junior athletics team Anil Weerasinghe sidelined by the Ministry of Sports today as he failed to full fill his duties. 

ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකරු ලෙස පත් කල අනිල් වීරසිංහ එම ධූරයෙන් ඉවත් කර තිබේ.

ඒ අනුව, තරගාවලියට සහභාගීවන කණ්ඩායමේ කලමණාකරු මෙන්ම පුහුණුකරුවෙකු ලෙස සුසන්ත ප්‍රනාන්දු මහතා කටයුතු කරනු ඇත.

ක්‍රීඩා අමාත්‍යංශය මගින් සිදුකළ පරීක්ෂණයේ විමර්ශන වාර්තාව සැලකිල්ලට ගෙන ආමාත්‍යංශය මගින් මෙම තීරණයට පැමිණ ඇති බව වාර්තාවේ.

අතීතයේ සිට කණිෂ්ඨ කලමනාකරු ලෙස කටයුතු කරමින් දිගින් දිගටම කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපහසුතාවට ලක්කරමින් සිය සේවය පැහැර හරිමින් කටයුතු කිරීම ඔහුට එරෙහිව තිබූ ප්‍රධාන චෝදනාව විය.

එසේම ඔහු මාධ්‍ය වෙත පවසා ඇති පරිදි, ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන කණ්ඩායමේ සියලු අවශ්‍යතා සපුරා ඇති බව වාර්තා වුවත්, මේවනවිට වාර්තා වන්නේ, ඔහු එහිදී ද දූරදර්ශීව කටයුතු කර නොමැති බවය

වෙහෙසකර ගමනක්

ලබන 7 වැනි දා ජපානයේ ගිෆූ හීදී ආරම්භ වන තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමට ලබන 5 වැනි දා හෝ එරටට ළඟා වීමේ අවස්ථාව සැලසීමට තිබුණ ද, ඔවුන්ට පිටත් වීමට සිදුවන්නේ 5 වැනි දා බව වාර්තාවේ.

6 වැනි දා ජපානයට ළඟා වන ශ්‍රී ලංකා කණ්ඩායමට 7 වැනි දා සිට තරග සඳහා සහභාගීවීමට සිදුවනු ඇත.

දරු දැරියන්ගේ සියලු පහසුකම් සැලසීමේ වගකීම හිමි කලමණාකරුගේ වගකීම් විරහිත භාවය මෙමගින් ම පිළිබිඹුවේ.

සම්භාහකයෙකු හෝ නොමැතිව විදෙස්ගත වන යොවුන් ක්‍රීඩකයන්ට, විවේකයක් නොමැතිව  දින 4 ක් තුළ වැඩි තරග සංඛ්‍යාවකට සහභාගීවීමට සිදුවීම අභියෝගයක් වනු නො අනුමානය.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org