රනින් ලක්මව සැරසූ අමාෂාව සහෝදරියන් විසින් හරසරින් පිළිගනී.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍රවූ අමාෂා සිල්වාට තම පාසලින් විශේෂ පිළිගැනීමක් හිමිවූවාය.

රන් පදක්කම් හතරක් හිමිකරගත් ඇය, පුද්ගලිකව හොඳම කාලය වාර්තා කරමින් මීටර් 100 ඉසව්වත් පුද්ගලිකව දෙවැනි හොඳම කාලය වාර්තා කරමින් මීටර් 200ත් ජය ගැනීම විශේෂත්වයක් විය.

ඊට අමතරව මීටර් 400 සහාය දිවීමේ බාලිකා ඉසව්වෙන් හා මීටර් 100 සහාය දිවීමේ බාලිකා ඉසව්වෙන් ද නව තරගාවලි වාර්තා සමග රන් පදක්කම් දිනා ගත්තාය.

මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක වන ඇය මෙරට වත්මන් කණිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිහිප වරක්ම සම්මානයට පාත්‍රවූවාය.

කුඩා කළ සිටම එම පාසලේ ශිෂ්‍යාවක් වූ ඇය, අහම්බෙන් මෙන් මලල ක්‍රීඩාවට පිවිස ඇති අතර මේවනවිට ජාතික තලයේ දක්ෂතම කණිෂ්ඨ ක්‍රීඩිකාව බවට පත්ව සිටීම පැසසිය යුතු කරුණක් වේ.

සංජීව වීරක්කොඩි මහතා යටතේ පුහුණුකටයුතු කරන අමාෂා ජපානයේ ගිෆූ හීදී ලබන මස  පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ ශුරතා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ද මීටර් 100, 200 හා මීටර් 400 සහාය දිවීමේ ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගවදිනු ඇතියි.

[srizonfbalbum id=6]

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org