(Video) රුමේෂිකා මීටර් 100 න් පුද්ගලිකව හොඳම කාලය වාර්තා කරයි.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදි පැවැති ග්‍රොන් ප්‍රී තරගාවලියකට සහභාගීවෙමින් රුමේෂිකා රත්නායක පුද්ගලිකව මීටර් 100 ඉසව්වෙන් වේගවත්ම කාලය වාර්තා කිරීමට අද සමත් විය.

තත්පර 11.51 ක කාලයක් ඇය මෙහිදී වාර්තා කරමින් තුන්වැනි ස්ථානය හිමිකරගත් ඇය, මීට පෙර හොඳම දක්ෂතාව ලෙස දක්වා තිබූයේ තත්ත්පර 11.60 ක කාලයක් වේ.

මෙම ඉසව්වට ඔලිම්පික් පදක්කම් ලාභී බ්‍රිතාන්‍යයේ ඩීනා ඈශර් ස්මිත්  සහභාගීවූ අතර ඇය තරගය ජයගත්තේ තත්පර 11.26 ක කාලයක් වාර්තා කරමින්ය.

https://youtu.be/VqCafOv3VtE

 

මේ අතර, මීටර් 200 ඉස්වෙන් රුමේෂිකාට නැවතත් මෙම වසරේ දැක්වූ ඉහළම දක්ෂතාව දැක්වීමට හැකියාව ලැබිණ.

දෙවැනි ස්ථානය දිනා ගනිමින් රුමේෂිකා මෙහිදි දැක්වූ දක්ෂතාව තත්පර 23.62 කි.

පසුගිය සති අන්තයේ තත්පර 23.70 ක් ලෙස දැක්වූ දක්ෂතාව ඇය මෙම වසරේ මීටර් 200 ඉසව්වෙන් දැක්වූ ඉහළම දක්ෂතාව වේ.

අසාධාරණයට ලක්වූ රුමේෂිකාට පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට අවස්ථාව

රුමේෂිකා වසරේ වේගවත්ම කාලය නැවත අලුත් කරයි

https://youtu.be/kTVbW-chciY

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org