පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තේරීම් තරගාවලියේ මීටර් 400 පිරිමි ඉසව්ව්වෙත වැඩි අවධානයක් යොමු විය.
ඒ, මෙවර තරගාවලියට මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායමක් ඉදිරිපත් කිරිමට වැඩි අවධානයක් යොමුව තිබිම හේතුවෙනි.
කෙසේ වෙතත් මෙම ඉසව්වට සහභාගීවූ කිසිදු ක්‍රීඩකයෙකුට තත්පර 47 ට අඩු කාලයකින් තරග ඉසව්ව අවසන් කිරිමට හැකි වූයේ නැත. එසේම, ඔවුන්ගේ උපරිම දක්ෂතා කෙසේ වෙතත්, සුපුරුදු දක්ෂතා හෝ දැක්වීමට අපොහොසත් වීම මත සහාය කණ්ඩායමක් සහභාගීකරවනවාද නැද්ද යන්න අවධානයට ලක්කල යුතුවේ.
මීටර් 400 මූලික වටයේ තරග
ඒ වෙනුවෙන්, ඒකල ඉසව් සඳහා සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉසව් තුන හතරක් වෙත සහභාගී කරවීමේ අවස්ථාව ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයට හිමිවේ.
මීටර් 400 තේරීම් මූලික වටයේ පළමු තරගයේ දී අජිත් ප්‍රේමකුමාර පහසු ජයක් වාර්තා කළ ද එහිදී ඇතිවූ ආබාද තත්ත්වයක් හේතුවෙන් අවසන් තරගයට සහභාගීවීමේ අවස්ථාව අහිමිවිය.
දෙවැනි මූලික තරගය ජයගත් දිලිප් රුවන් ද, අවසන් තරගය ජයගත්තේ තත්පර 47.22 ක සාමාන්‍ය කාලයක් වාර්තා කරමිනි.
එම අවසන් තරගයේ තරග කරුවන්ගේ කාලයන් පහත පරිදි වේ.
දිලිප් රුවන් 47.22
අන්ජන ගුණරත්න 47.34
කාලිංග කුමාරගේ 47.50
අරුණ දර්ශන 47.73
තරුෂ ධනංජය 47.90
චානක ජයසේකර 47.91
Commonwealth Games medalist Yupun Abeykoon placed 3rd in the 100m Finals (10.18 seconds) at the…
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…