මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට නවකයන් හඳුන්වා දීම වෙනුවෙන් ජාතික ක්‍රීඩා විද්‍යායතනය මගින් විශේෂ මලල ක්‍රීඩා සංචිතයක් ඇති කිරීමට පියවර ගෙන තිබේ.
එම ආයතනයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ පුහුණුකරු සජිත් ජයලාල් මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා සුදුසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයාගැනීමේ වැඩසටහනක් අද(16) කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක විය.
එහිදී මලල ක්‍රීඩාවට උනන්දුවක් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශරීර යෝග්‍යතා පරීක්ෂණයක් මෙන්ම, තේරීම් කටුයුතු ද සිදුවූයේ සජිත් ජයලාල් මහතාගේ අධීක්ෂය යටතේය.
මෙම ව්‍යාපෘතියේදී එක් වසරකදී, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් පමණවන සංචිතයක් ඇති කිරීමට නියමිත වන අතර, ඔවුන් වෙත වසර දෙකක නේවාසික පුහුණු වැඩමුළු ක්‍රියාත්මක කිරීමට නියමිතවේ.
ඔවුන් වෙනුවෙන් ඉඳුම් හිටුම් හා ආහාර ලබා දීමට අමතරව දීමනාවක් ද ලබා දීමට සැලසුම් කර තිබේ.
වයස 18-22 ක් අතර පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම සංචිතයට තෝරා ගනු ඇත.
“දක්ෂතා සහිත අය හත් අට දෙනෙක් පේන්න ඉන්නව. මේ වැඩසටහන සැලසුම් පරිදි කරන්න හැකි වුනොත් මේ අයගෙන් දෙතුන් දෙනෙක් හදා ගන්න පුළුවන්. ” – සජිත් ජයලාල් ( ප්‍රවීණ පුහුණුකරු)
පරිපූර්ණ ක්‍රීඩකයෙකු බිහිකිරීමේ අරමුණින් මලල ක්‍රීඩා පුහුණු කටයුතුවලට සමගාමීව, භාෂාව හා තොරතුරු තාක්ෂණය ඇතුළු අධ්‍යාපනික වැඩමුලු ද මෙම සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ඇත.
සංචිත ගත කිරීමේ කටයුත්ත වාර්ශිකව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම වැඩසටහන මගින් ඉදිරියේදී, දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ක්‍රීඩා ක්ෂේත්‍රයට දායාද කිරීමේ අවස්ථාව තිබෙන අතර, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ කටයුතු ද වැඩසටහනට සමගාමීව සිදුකරයි.
අද පැවැති තෝරා ගැනීමේ අවස්ථාවට ප්‍රවීණ පුහුණුකරුවන් කිහිපදෙනෙකුගේ ද සහාය හිමිවිය.
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…
Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…