කාන්තා මැරතන් ශූරී හිරුණි විජේරත්න ගැන ඔබ නොදත් දේ (Video)

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට මෙම වසරේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට, භාග්‍යලත් දෙවැන්නා වීමට හිරුණී විජේරත්න පසුගිය දා සමත්විය.

හිරුණිගේ ජයග්‍රහණය සම්බන්ධ ලිපි කියවන්න 

26 හැවිරිදි හිරුණි මේවනවිට, ඇමරිකාවේ වාසය කළ ද, ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම තමන් ලද භාග්‍යයක් බව පවසයි.

ඇය ඒ සඳහා විශාල කැපකිරීමක් සිදුකළ ද, ඊට අවස්ථාවක් නොලැබීම මත, තනිව සටන් කරමින් එම අවස්ථාව ලබා ගැනීම ගැන ඇය සතුට පළකරයි.

කිරුළපන ඉපිද, කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය, 2000 වසරේදී තම දෙමාපියන් සමගින් අැමරිකාවට සංක්‍රමණය වී ඇත. කෙසේ වෙතත් ඇයට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ නීත්‍යානුකූල හැකියාව මෙන්ම ලියකියවිලිද සතුවේ.

පසුගියදා ඇමරිකාවේ දී පැවැති යූජීන් මැරතන් තරගයේ කාන්තා අංශය පැය 2:43’31 කාලයකින් ජයගත් හිරුණි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මැරතන් පරිසාධන මට්ටම වූ පැය 2:45’00 ක කාලය අභිබවා යාමට සමත්විය.



මේ ඇය සමග කල සම්මුඛ සාකච්චාවේ දී හෙළිවූ කරුණුයි.

ඔබ උපත ලැබුවේ කොහේද ?

මම ඉපදුනේ ශ්‍රී ලංකාවේ කොළඹ.

1990 වසරේ දීයි.

කොපමණ කාලයක් ඔබ ශ්‍රී ලංකවේ වාසය කළා ද ?

මම 2000 වසර තෙක් ශ්‍රී ලංකවේ වාසය කළා.

ඔබ ඇමරිකාවේ වාසයට පැමිණියේ මොන කාලයේද?

2000 වසර අවසානයේ මගේ පවුලේ අය ඇමරිකාවේ වාසයට පැමිණියා. අපි වොෂින්ටන් නුවර, වර්ජිනියා හිදී පදිංචිවී සිටියා.

ශ්‍රී ලංකාවේ ඔබ වාසය කළේ ?

කොළඹ 5, කිරුළපන

යූජීන් මැරතන් තරගයේ ඔබ ලැබූ ජයග්‍රහණය ගැන සඳහන් කළොත් ?

ඇත්තටම මම ආඩම්බර වෙනවා යූජීන් ජයග්‍රහණය ගැන. මගේ ප්‍රධාන අරමුණ වුණේ, ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමටයි.

මට දැන් පළමුවරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගවදින්න අවස්ථාව ලැබෙනවා.

මට මගේ අරමුණ ඉෂ්ඨ කරගන්න හැකි වුණා. මගේ හොඳම කාලය වාර්තා කිරීමට වගේම තරගය ජයගැනීමට එහිදී හැකිවුණා.


මගේ සාමාන්‍ය දවස ආරම්භ වන්නේ පෙරවරු 5ට. ඉන් පසුව මගේ පුහුණුකටයුතු වල නිරතවෙනවා. ඉන් පසුව මගේ රැකියා ස්ථානයට යනවා. පෙරවරු 8 සිට පැය 10ක් සේවය කරන්න වෙනවා.

ඉන් පසුවයි, ප්‍රධාන පුහුණු සැසියට සහභාගීවන්නේ.

පෝෂණය ගැන මම වැඩි අවධානයක් යොමුකරනවා.
ඒ වගේම වේලාසනින් නිදා ගැනීම මගේ පුරුද්දක්.

අවසන් ප්‍රශ්නය – තරුණ පිරිසට ඔබට ලබා දිය හැකි උපදේශය කුමක් ද ?

මගේ හොඳම උපදේශය, අතහරින්න එපා. මට බොහො අවස්ථා ගිලිහී ගියා. හුඟක් අවස්ථා මට අවශ්‍ය විදියට සිදුවූයේ නැහැ.

ආබාධවලට ලක්වුණා. පාසල් වියේදිත්, උසස් අධ්‍යාපන අවස්ථාවේදීත්.

ඔබ සෑම විටම දවස ආරම්භ කළ යුත්තේ, ඔබේ සිහින සැබෑ කරගැනීමට කැපවෙමිනුයි.

ඔබට සිත් රිදීම් සිදුවිය හැකීයි. ඔබට අවශ්‍ය ආකාරයට තරග නොලැබී යාවි. නමුත්, ඔබ සැමවිටම එක් පියවරක් ඉදිරියෙන් තැබීමට උත්සාහ කළ යුතුයි. එවිට නොදැනීම ඔබේ ඉලක්කය වෙත ඔබ ගෙන යනු ඇත. සෑම විටම ධනාත්මකව සිතන්න

 

www.ceylonathletics.com

Recent Posts

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

12 hours ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

1 week ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

1 week ago

WORLD RECORD 6.24 metres in Pole Vault at China

Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…

1 week ago

කීර්තිමත් යුග පුරුෂ නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා අභාවප්‍රාප්ත වෙයි.

කීර්තිමත් ආදි මලල ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු හා ක්‍රිකට් ක්‍රීඩකයෙකුද වූ නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා අභාවප්‍රාප්ත වී…

1 week ago

Yupun Abeykoon’s Remarkable Comeback after the injury

Sri Lankan sprinter Yupun Abeykoon has made a stunning return to the track with a…

2 weeks ago