ටොරන්ටෝ මැරතන් තරගයේ දී හිරුණිට 16 වැනි ස්ථානය
|කැනඩාවේ ටොරන්ටෝ හි දී පැවැති ටොරන්ටෝ වෝටර්ෆ්රන්ට් මැරතන් තරගයට සහභාගී වූ හිරුණී විජයරත්න කාන්තා තරගයේ 16 වැනි ස්ථානයට පත් වූවාය.
ඇය තරගය අවසන් කිරීමට ගත කළ කාලය පැය 2:38:13 ක කාලයක් වන අතර, එය ඇය පුද්ගලිකව වාර්තා කළ තුන්වැනි හොඳම කාලයද වේ.
එසේම ඉහත දක්ෂතාව මෙතෙක් ශ්රී ලංකා ක්රීඩිකාවක මැරතන් ඉසව්වෙන් දැක්වූ ස්ව්වැනි හොඳම දක්ෂතාවයයි.
තරගයේ ජයග්රහණය කෙන්යාවේ මැග්ඩෙලින් මසායි ට හිමි වූ අතර, දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙලින් ඉතියෝපියාවේ හා කෙන්යාවේ ක්රීඩිකාවන් දෙදෙනෙකුට හිමි වූවාය.