මලල ක්‍රීඩාවේ විශිෂ්ඨයෙකු නික්ම යයි

By www.ceylonathletics.com | | Sinhala

1970 සහ 80 දශකයන්හි ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දුර ධාවකයෙකු වූ විශ්‍රාමික මේජර් ඩබ්ලිව්.ජී. ආරියසේන මහතා අද උදෑසන මාතලේ නගරයේ දී සිදුවූ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත විය.

1982 වසරේ ඉන්දියාවේ පැවති 9 වන ආසියානු ක්‍රීඩා උළෙලේ සහ 1987 සිංගප්පූරුවේ පැවති 6 වන ආසියානු මලලක්‍රීඩා ශූරතාවයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද ඔහු 1980 වසරේ සිට 1989 දක්වා මී. 1500 ඉසව්වේ ශ්‍රී ලංකාව වාර්තාව ඉසිලීය.

1976 වසරේ සිට 1980 දක්වා ජාතික මැරතන් ශූරතාවය නොකඩවා පළමු ස්ථානය දිනූ ඔහු 1979 වසරේ සිට 1984 දක්වා වරින් වර මී. 5000 සහ 10000 ඉසව්වන්හි ජාතික ශූරයා විය.

70 දශකයේ අග භාගයේදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ සිංහ (ස්වේච්ඡා බලකාය) රෙජිමේන්තුවට එක් වූ ඔහු 1980 වසරේ දී ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා නිලධාරි වරයෙක් වශයෙන් පත්වීම් ලැබීය.

ශ්‍රී ලංකා මලලක්‍රීඩා ආයතනයේ විනිසුරුවරයෙකු සහ ජාතික තාක්ෂණික නිලධාරීවරයෙකු ලෙස මේ දක්වා වසර 35 ක පමණ අඛණ්ඩ සේවයක යෙදී සිටි ආරියසේන මහතා මියයන විට 74 වියේ පසුවිය. මාතලේ නාඋල ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු දියණියන් දෙදෙනෙකුගේ දයාබර පියෙකි.

හෙට (14) දින සවස 3 ට කොහොලන්වෙලදී සිදුකිරීමට නියමිතවේ.

 

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org