ක්‍රිකට් අතහැර මලල ක්‍රීඩාව තෝරාගත් යොහාන් බ්ලේක් නැවත ක්‍රිකට් පිටියට
|ඔබ මලල ක්‍රීඩාව හැර වෙන ක්‍රීඩාවක් කර තිබේ ද?
ඔව්, මම වැඩියෙන්ම ආදරේ කළේ ක්‍රිකට් ක්‍රීඩාවට, මම දෙවැනියට කැමති වුණේ මලල ක්‍රීඩාවට.
ඔලිම්පික් රන් පදක්කම් දෙකක් හා ලෝක ශූරතා රන් පදක්කම් දෙකක් ඇතුළුව සහාය දිවීමේ රන් පදක්කම් මෙන්ම ලෝක වාර්තාවට ද හිමිකම් කියන කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් ක්‍රීඩා ලොලීයෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන්නේ එලෙසින්.
ලෝක ශූරතා මලල ක්‍රිඩා තරගාවලියට සහභාගීවීම සඳහා පැමිණි සිටින යොහාන් බ්ලේක් සිලෝන් ඇත්ලටික්ස් සමගින් කෙටි සාකච්චාවකට එක්වෙමින් ද ඔහුගේ ඉදිරි ගමන ක්‍රිකට් පිටියෙන් ආරම්භ කරන බවට ඉඟි පළ කළේය.
යොහාන් බ්ලේක් හා ඔහුගේ මලල ක්‍රීඩා දක්ෂතා පිළිබඳව ලොවම දැන සිටියද ඔහු ක්‍රිකට් කෙරෙහි දක්වන ආකල්පය බොහෝ දෙනාට කුතුහලයක් ගෙන එනවා ඇත.
මලල ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමෙන් පසුව ක්‍රිකට් පිටියට පිවිසීමේ අදහසින් ඔහු මේවනවිටත් නිවසේ පුහුණුවීම් සිදු කිරීමේ සියලු පහසුකම් සකසාගෙන සිටින බවද හෙළි කළේය.
විශ්‍රාම යාමෙන් අනතුරුව අයි.පී.එල් තරගාවලියේ රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අදහසින් පසුවන බව ද බ්ලේක් සඳහන් කළේය.
“මට අවශ්‍ය වුණේ කුඩා කාළයේ සිට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන්න නමුත්, පවුලේ අයගේ බල කිරීම නිසා මලල ක්‍රීඩාව තෝරා ගන්න සිදුවුණා.”
ඔහු කැමති ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ද විශාල පිරිසක් සිටින අතර, ඔවුන් සමග සමීප සම්බන්ධතා පවත්වන බව ද බ්ලේක් හෙළි කළේය.
මලල ක්‍රීඩාවෙන් ඔහුගේ අවසන් බලාපොරොත්තුව, යොහාන් බ්ලේක් නමට නොමියෙන මතකයන් එක් කර සමු ගැනීමට බව ද පැවසීය.
බ්ලේක් සමගින් කළ සංවාදයේ කොටසක වීඩියෝව පහත දැක්වේ.