නිලානී රත්නායකට සාග් අවස්තාව දෙන්න මම ලෑස්තීයි – හිරුණී විජේරත්න
|මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ශ්රී ලංකා වාර්තාව සතුවූ නිලානී රත්නායකට දකුණු ආසියානු ක්රීඩා උළෙලට සහභාගී වීමේ අවස්ථාව අහිමි වීමේ අවාසනාවන්ත අවස්ථාව ගැන අප මින් පෙර තොරතුරු අනාවරණය කළේය.
කාගේ හෝ වරදින් නිලානීට සාග් දොර වැසේ ද ?
කෙසේ වෙතත්, ඇය අනතුරුව පැවති යුද්ධ හමුදා මලල ක්රීඩා තරගාවලියේ දී මීටර් 5000 ඉසව්වේ ශ්රී ලංකා වාර්තාව ද තමා සතු කරගැනීමට සමත් වූවාය. නමුත් ජාතික ශූරතා මලල ක්රීඩා තරගාවලිය දකුණු ආසියානු ක්රීඩා උළෙලේ අවසන් තේරීම් තරගාවලිය වීම හේතුවෙන්, නිලානීට දකුණු ආසියානු ක්රීඩා උළෙලට සහභාගීවීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් පැවතින.
හිරුණී විජේරත්න දකුණු ආසියානු ක්රීඩා උළෙලේ මීටර් 5000, මීටර් 10000 හා මැරතන් ඉසව් සඳහා සුදුසුකම් ලබා තිබූ අතර, අය අප සමගින් ප්රකාශ කළේ නිලානී වැනි දක්ෂතා සහිත ක්රීඩිකාවකට අවස්ථාව ලබා දීමට තමන් කැමැත්තෙන් ඉදිරිපත් වන බවයි.
ඇය ජාතික ශූරතා මලල ක්රීඩා ශූරතාවලියේ මීටර් 3000 බාධක ඉසව්ව ජය ගෙන මීටර් 5000 ඉසව්වෙන්ද කරට කර තරගයක් තමන්ට ලබා දුන් බවත් පැවසුවාය.
යම් හෙයකින් ඇය තරගය අවසානය තෙක් තරග කළේනම් තමන් පරාජයට පත් කරමින් එදිනම ශ්රී ලංකා වාර්තාව කරා යෑමටත් හැකියාව තිබූ බව ඇය ප්රකාශ කළාය.
ඕනෑන ක්රීඩිකාවකට ආබාද තත්ත්වයක් ඕනෑම අවස්ථාවක සිදුවිය හැකීයි. නරක දවසක් පැමිණිය හැකීයි. එක් එක් දිනයක් නිසා දක්ෂ ක්රීඩිකාවකට අවස්ථාව අහිමි කිරීම අසාධාරණයි.
මගේ වැඩි ආසාව තිබෙන්නෙ මැරතන් ඉසව්වට, මගේ මූලිකත්වය ලබාදෙන්නේ එම ඉසව්වට, මට මීටර් 10000 හා මැරතන් ඉසව් කෙරෙහි වැඩි අවධානය යොමුකර නේපාලයේ දී පදක්කම් දිනා ගත හැකියි.
මීටර් 5000 ඉසව්වෙන් මා ඉවත්වුවහොත් අනිවාර්යයෙන්ම එම අවස්ථාව නිලානී වෙත ලබා දිය යුතුයි.
ඇය ඉතා දක්ෂ ක්රීඩිකාවක්, අයගේ දක්ෂතාව ඇගයීමට ලක් කළ යුතුයි.
නේපාලයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්රීඩා උළෙල දෙසැම්බර් මස පළමු සතියේ දී පැවැත්වීමට නියමිතවේ.
හිරුණී අදහස් දැක්වූ වීඩියෝව