රුමේෂිකා රත්නායකගේ සුපුරුදු දක්ෂතා ගිලිහෙයි
|මෙවර ආසියානු ශූරතා මලල ක්රීඩා තරගාවලිය සඳහා වූ තේරීම් තරගාවලි සඳහා සහභාගී නොවූ ඇය අද මීටර් 100 ඉසව්වෙන් දැක්වූ දක්ශතාව තත්පර 12.16 ලෙස දැක්වේ. එය මෙම වසරේ මෙරට ක්රීඩිකාවන් දැක්වූ දක්ෂතා අතර ඇත්තේ 6 වැනි ස්ථානයේ යි. සෙසු ක්රීඩිකාවන් පස් දෙනාම පාසල් ක්රීඩිකාවන් වේ.
රුමේෂිකා ක්රීඩිකාව, ඉහත තරගාවලියේ මීටර් 200 ඉසව්වට සහභාගී හෙමින් දැක්වූ දක්ෂතාව තත්පර 24.62 කි.
වෘත්තීය ක්රීඩිකාවක් ලෙස ඇය මේවනවිට සුපුරුදු දක්ෂතා අතරට පිවිස සිටිය යුතු වුවත් ඉහත දක්ෂතා මේවනවිට පාසල් ක්රීඩිකාවන්ගේ දක්ෂතා සමග සැසඳීමේ දී පහළ මට්ටමක පවතී.
ඇයගේ මීටර් 100 පුද්ගලික හොඳම කාලය තත්පර 11.51 වන අතර, මීටර් 200 ඉසව්වේ හොඳම කාලය තත්පර 23.40 කි.
2017 වසරේ දී ආසියානු ශූරතා මලල ක්රීඩා තරගාවලියේ මීටර් 200 කාන්තා ඉසව්වෙන් රිදී පදක්කම ඇය දිනා ගත්ත ද මෙම මස අවසානයේ පැවැත්වෙන තරගාවලියට සහභාගී වීමේ වරම් නොලැබීය.
කෙසේ වෙතත්, ජාතික ඔලිම්පික් කමිටුව විසින් මාසයක කාලයක් සඳහා ඇමරිකාවේ දී පුහුණුවීම් සිදු කිරීමට ලබා දුන් අවස්ථාව ද ඉහත දක්ෂතා අනුව ගත් කළ සාර්ථක ප්රථිඵල උදා කර නැත.