ලක්ෂිනි සාරංගි සිල්වා ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබූ නමුත් එම අවස්ථාව ප්‍රතික්ෂේප කරයි!!
|කාන්තා දුර පැනීමේ ඉසව්වේ ශ්රී ලංකා වාර්තාවට (මීටර් 6.65) හිමිකම් කියන ලක්ෂිනි සාරංගී සිල්වා ලෝක මලල ක්රීඩා ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්ව තිබෙනවා.
ඒ අනුව එම ඉසව්ව සඳහා තෝරාගන්නා ක්රීඩිකාවන් 32 අතරට ඇය ද ඇතුළත්. (ඇය පෙර 34 වන ස්ථානයේ රැඳී සිටියා) ඇය ලෝක ශූරතාවලියේ තිරස් පැනීමේ ඉසව්වකට සුදුසුකම් ලැබූ පළමු ශ්රී ලාංකික ක්රීඩිකාවයි. කෙසේ වෙතත්, ඇය ලෝක ශුරතා මලල ක්රීඩා තරගාවලියට සහභාගී වීම ප්රතික්ෂේප කර ලබන මාසයේ එළඹෙන පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා .
ඇය තුර්කියේ වෙසෙන ඇගේ පුද්ගලික පුහුණුකරු සමඟ පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල වෙනුවෙන් අවසන් සූදානම සඳහා ලබන සති අන්තයේ තුර්කිය බලා පිටත්ව යාමට ද නියමිතයි . ලෝක මලල ක්රීඩා ශූරතාවලිය 2022 ජුලි 14 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ ඉයුජින් හිදී පැවැත්වීමට නියමිත අතර මීට පෙර යුපුන් අබේකෝන්, නිලානි රත්නායක සහ ගයන්තිකා අබේරත්න ද ශ්රී ලංකාව වෙනුවෙන් මෙවර ලෝක ශූරතා මලල ක්රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.
කෙසේ නමුත් ලෝක ශූරතා මලල ක්රීඩා තරගාවලියට තවත් ඉතිරිව ඇත්තේ දින හතක් වුවත් මෙම ක්රීඩක ක්රීඩිකාවන්ට තවමත් තරගාවලියට සහභාගි වීමට අවශ්ය වීසා නැති නොමැති බවද වාර්තා වනවා.