තහනම් උත්තේජක දුන් පුහුණුකරුට හා වෛද්‍යවරයාට වසර 4 ක තහනමක්

By www.ceylonathletics.com | | IAAF, International News, Latest News

තහනම් උත්තේජක භාවිත කරමින් සුක්ෂම ලෙස තරග ජයග්‍රහණය කිරීම ලෝක ක්‍රීඩාවට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින බව විශේෂඥයන් සඳහන් කරයි.

ඒ අනුව, විශේෂ පරීක්ෂණ ඔස්සේ තහනම් උත්තේජක පාලනයට ලොව පුරා අදාල බලධාරීන් ක්‍රියාත්මක වෙමින් සිටියි.

බ්‍රිතාන්‍යයේ සුපිරි දිගු දුර ධාවන ශූරයෙකු වන මෝ ෆාරාගේ ද හිටපු පුහුණුකරු වන ඇමරිකාවේ ඇල්බටෝ සලසාර්ට ඇමරිකානු තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය මගින් වසර 4 ක තහනමක් පැන වීමට තීරණය කර තිබේ. ඔහුට මෙන්ම ඔහු යටතේ පුහුණුවීම් සිදු කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර කළ වෛද්‍ය ජෙෆ්‍රි බ්‍රවුන්ට ද වසර 4 ක තහනමක් පණවා තිබේ.

නයිකි (NIKE) ක්‍රීඩා ඇඟලුම් ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වාගෙනු යවනු ලබව මලල ක්‍රීඩා පුහුණු ව්‍යාපෘතියේ (Nike Oregon Project) ප්‍රධාන පුහුණුකරු හා ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කරන ඇල්බටෝ සලසාර් හා වෛද්‍ය ජෙෆ්‍රි බ්‍රවුන් සෘජුව හා වක්‍රව අදාල ව්‍යාපෘතිය හා සම්බන්ධව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත තහනම් උත්තේජක ලබා දීමට කටයුතු කර ඇති බවට තහවුරු වීමෙන් පසුව මෙම තහනම ක්‍රියාත්මක කර තිබේ.

ඇල්බටෝ සලසාර් හා වෛද්‍ය ජෙෆ්‍රි බ්‍රවුන්ට එල්ල වූ චෝදනාවන් විභාගය වසර 4 ක් පමණ කල් ගිය අතර, ඊයේ එහි අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ඇමරිකානු තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය පියවර ගෙන ඇත.

ඉහත ව්‍යාපෘතිය යටතේ පුහුණුවීම් සිදුකළ ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සිටින අතර, මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 10000 ඉසව්ව ජයගත් නෙදර්ලන්තයේ සිෆාන් හසාන් ද ඉහත පුහුණු කඳවුරේ පුහුණුවීම් සිදුකරනු ලබයි.

ඔලිම්පික් ශූර මෝ ෆාරා ඉහත පුහුණු ව්‍යාපෘතියෙන් 2017 වසරේ දී ඉවත් විය.

තහනම් උත්තේජක නිවාරණය සඳහා සිදු කරනු ලබන මෙහෙයුමේ දී මෙවැනි ඊට අනුබල දෙන්නන්ට ද ජාත්‍යන්තර තහනමක් පැණවීම සුභවාදී පියවරක් බව ජාත්‍යන්තර විචාරකයන් පෙන්වා දෙයි.

ඇමරිකාව වැනි ප්‍රභල රටක, ලොව සුපතල ප්‍රභල ක්‍රීඩකයන් නිර්මාණය කළ පුුහුණුකරුවෙකුට හා වෛද්‍යවරයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම, සෙසු ක්‍රීඩකයන්ට හා පුහුණුකරුවන්ට ප්‍රභල පාඩමක් ගෙන දෙනවා නොඅනුමානය.

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org