සර්ණාගත ලෝක ශූරිය: නෙදර්ලන්තයේ ශිෆාන් උපන් රට වන ඉතියෝපියාවට දුන් ගරුත්වය

By www.ceylonathletics.com | | IAAF, International News, Latest News, Sinhala

ඉතියෝපියාවේ ඉපිද නෙදර්ලන්තයට සර්ණාගතයෙකු ලෙස සංක්‍රමණය වූ ශිෆාන් හසන් ලෝක ශූරියක බවට පත් වූයේ මීටර් 10000 කාන්තා ඉසව්ව මිනිත්තු 30:17.62 ක කාලයකින් ජය ගනිමින් පුද්ගලික හොඳම කාලය වාර්තා කිරීමට සමත් වූවාය.

තරගයේ මුල සිටම කෙන්යාව හා ඉතියෝපියාව අතර තියුණි තරගයක් පැවැති අතර පළමු ක්‍රීඩිකාවන් හය දෙනාම කෙන්යානු හා ඉතියෝපියානුවන් වූවාය. නමුත් පසු පසින් තරග කළ තවත් ක්‍රීඩිකාවක් කෙමෙන් කෙමෙන් පළමු ක්‍රීඩිකාවන් හය දෙනාට අභියෝගයක් එල්ල කරමින් කරට කර තරගයක් ලබා දිනු. ඒ ඉහත සඳහන් කළ ශිෆාන් හසාන්.

කටාර් හී දොහා හි කලීෆා ක්‍රීඩාංණය ගිගුම් දෙමින්, කෙන්යානු හා ඉතියොපියානු ක්‍රීඩා ලොලීන් තම ක්‍රීඩිකාවන්ට සහාය පළ කරද්දී, නෙදර්ලන්තය නියෝජනය කළ ශිෆාන් හසාන්ට ද අත් පොලසන් දීමට ඉතියෝපියානු ක්‍රීඩා ලොලීන් අමතක කළේ නැත.

වට 25 කින් සමන්විත වූ තරගයේ අවසන් යට තුන වනවිට ඉතියෝපියාවේ ලේට්සෙන්බෙට් ගීඩේ කෙන්යානු ක්‍රීඩිකාවන් අභිබවා පෙරමුණට පැමිණිය ද අවසන් වටයේ දී ශිෆාන් හසාන් ඉතා පහසුවෙන් ජයග්‍රහණය වාර්තා කරමින් මීටර් 10000 ඉසව්වෙන් ලෝක ශූරිය බවට පත්විය.

කෙසේ වෙතත්, මෙහිදී විශේෂත්වය වූයේ, නෙදර්ලන්ත ධජය සහිතව තම ජයග්‍රහණය සැමරුවද ශිෆාන් ඉතියෝපියානු ක්‍රීඩා ලෝලීන් වෙත ගොස් තම සතුට ඔවුන් සමගින්ද සැමරීමට අමතක නොකිරීමයි.

ඒ අතරින් සිටි කිසියෙකු ශිෆාන් වෙත ඉතියෝපියානු ජාතික ධජයක් යොමු කළ අතර, එම ධජය සිපගත් ඇය, එම දජයද අතැතිව ක්‍රීඩාංගණය වටා දිවයමින් තම ජයග්‍රහණය සැමරීය.

“ප්‍රතිවාදී ක්‍රීඩිකාව පරාජය කළත්, උපන් රටට, උපන් රටේ ජනතාවට ආචාර කිරීමට මට අවශ්‍ය වුණා.” “මේ ජයග්‍රහණය ඔවුන්ටත් උරුමයි”

ඇය තරගයෙන් පසුව ප්‍රකාශ කළේ එවැන්නක්.

සර්ණාගතයෙකු ලෙස 2008 වසරේ දී නෙදර්ලන්තය වෙත පැමිණි ශිෆාන්ට, හෙදියක් වීමට අවශ්‍ය වුවද ඇයගේ සහජ දක්ෂතාව මලල ක්‍රීඩාව කෙරෙහි වීම හේතුවෙන් ක්‍රීඩාව තොරා ගෙන තිබේ.

එයම ආභරණයක් කරගත් ශිෆාන් තම පළමු ලෝක ශූරතා මලල ක්‍රීඩා රන් පදක්කම තමන් උපන් දේශයේ ජනතාව සමගින් සැමරීමට නිහතමානී වීම ක්‍රීඩාවේ චමත්කාරය ඉස්මතු කරන්නක්.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org