අවසන් වන තෙක් තරග කරන්න – ජපානයෙන් පාඩමක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

යෝකෝහාමා හී දී පැවැත්වෙන ලෝක සහාය දිවීමේ තරගාවලියේ දී, සත්කාරක ජපාන මීටර් 100 සහාය කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව ඉතා අවසනාවන්ත ලෙස අහිමි විය නමුත් ඔවුන් තරගය අත් නොහැර තරග අවසන් කළ ද තරග නීති අනුව තරගයෙන් ඉවත් වීමට සිදුවිය.

එවැනිම සිදුවීමක් අද මීටර් 200 සහාය දිවීම පිරිමි ඉසව්වට සහභාගී වූ ජපාන කණ්ඩායමට අත් විඳීමට සිදුවිය. දෙවැනි මීටර් 200 වෙනුවනේ තරග කළ කිරාරා ශිරේෂී මීටර් 160 ක පමණ දිවයාමෙන් පසුව ආබාදයකට ලක්විය. නමුත් නතරවනවා වෙනුවට ඔහු අවසාන ක්‍රීඩකයා ලෙස තම සගයාට යෂ්ඨිය ලබා දුන්නේය. සෙසු ක්‍රීඩකයන් දෙදෙනා ද තම උපරිමයෙන් තරග වදිමින් තම සගයාගේ නොපසුබට උත්සාහයට උපකාර කළේය.

ඔවුන්ට මූලික වටයේ 5 වැනි ස්ථානය හිමි වුව ද තේරීම් තරග දෙක අවසානයේ, පළමු තේරීම් තරගයේ තරග කළ ප්‍රංශය හා ජැමෙයිකාව හා තරග නීති උල්ලංගණය කිරීම හේතුවෙන් ඉවත් කිරීම හේතුවෙන්, අවසන් තරගයේ අවස්තාව හිමි විය.

යම් හෙයකින් ආබාදයත් සමග කිරාරා ශිරේෂී නතර වූවානම් හෝ, එම ආබාදයෙන් පසුබසිමින්, සෙසෙ ක්‍රීඩකයන් තරගය අත්හැර දැමුවානම් ජපාන කණ්ඩායමට අවසන් තරගයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවන්නට ඉඩ තිබිණ.

මීටර් 100 සහාය තරගවල මූලික වටයේ සිදුවූ වරද

මීටර් 200 සහාය තරගවල මූලික ඉසව්වේ තරගය

තරගාවලියේ 200 සහාය අවසන් තරගය

 

1 USA United States USAUSA 1:20.12 8
2 RSA South Africa RSARSA 1:20.42 AR 7
3 GER Germany GERGER 1:21.26 NR 6
4 KEN Kenya KENKEN 1:22.55 SB 5
5 JPN Japan JPNJPN 1:22.67 SB 4
6 CHN PR of China CHNCHN 1:22.81 3
BAH Bahamas BAHBAH DQ
NGR Nigeria NGRNGR DQ
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org