Video: අමාෂා ද සිල්වා වික්ටෝරියා ප්‍රාන්ත තරගාවලියක අවසන් තරගයට

By www.ceylonathletics.com | | Latest News, Videos, Sinhala

ඔස්ට්‍රේලියාවේ පුහුණුවීම්වල නිරත වන අමාෂා ද සිල්වා අද පැවැති මීටර් 100 මූලික වටයේ තරගයක් ජය ගනිමින් වික්ටෝරියා ප්‍රාන්ත තරගාවලියක් වන (Coles AV State Track & Field Championships) යේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තාය.

ඇය මෙම වසර තුළ සහභාගීවූ තුන්වැනි තරගය මෙය වන අතර, තරග ත්‍රිත්වයේ දීම තත්පර 12 ට අඩු සාමාන්‍ය තරග නිමි කාලයක් වාර්තා කිරීම සැලකිල්ලට ගත යුතුය.

ඇය සහභාගී වූ පළමු තරගයේ දී සුළඟේ ආධාරය (+4.7) ඇතිව තත්පර 11.66 ක කාලයක් වාර්තා කළ අතර, දෙවැනි තරගයේ දී තත්පර 11.90 ක කාලයක් වාර්තා කළේය.

මේ තරග, පුහුණු තරග ලෙස පැවැත්වෙන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ රිද්මය හඳුනාගැනීමට හා පුහුණුවීමේ සැලසුම් සකස් කිරීම වෙනුවෙන් පැවැත්වේ.

අමාෂා සහභාගීවූ අද තරගය හා තත්පර 11.90 ක දක්ෂතාව දැක්වූ තරගයේ වීඩියෝ පහතින්.

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org