අමාත්‍යංශ උපදේශිකා සුසන්තිකාට ක්‍රීඩා ලෝලීන්ගෙන් විරෝධය

By www.ceylonathletics.com | | Latest News, Videos, Sinhala

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දිය යුතු පහසුකම් හා මූල්‍ය ආධාර සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන්, සුසන්තිකා ජයසිංහ මහත්මියට විරෝධතාවක් ක්‍රීඩා ලෝලීන් වෙතින් එල්ල වී තිබේ.

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කම දිනාගත් පාරමී මාරිස්ටෙලා විසින් ඇයට විඳින්නට සිදුවූ දුක් ගැහැට හා ලැබුණු බොරු පොරොන්දු සම්බන්ධයෙන් මාධ්‍යවෙත කළ ප්‍රකාශවලට පිළිතුරු ලෙස සුසන්තිකා ජයසිංහ විසින් මෙම අදහස් පළ කර තිබේ.

ඇය පළ කළ අදහස්  බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. දුෂ්කර ගමනකින් පසු ජාත්‍යන්තරය ජයගත් සුසන්තිකා ජයසිංහ වැන්නෙකු විසින්, යොවුන් ක්‍රීඩිකාවකගේ ජයග්‍රහණය හෑල්ලුවට ලක් කර ඇත බව බහුතර මතයයි.

එසේම බළධාරීන් විසින්, මලල ක්‍රීඩාව වෙනුවෙන් උපරිම පහසුකම් සලසා ඇති බව ද ඇය මෙහි දී පෙන්වා දේ. නමුත් අප වගකීමෙන් සඳහන් කරන්නේ, මලල ක්‍රීඩාව වෙනුවෙන් මෙතෙක් ලැබුණු පහසුකම් හෝ පසුගිය මාස කිහිපය තුළ ලබා දීම අමත්‍යංශය විසින් පැහැර ඇති බවය.

අැයගේ ප්‍රකාශයන්ගේ වීඩියෝ පහත දැක්වේ.

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org