පීතර ගේට්වේ ශූරතා දිනද්දි දිනාරා හා රනිෂ්ක සුපිරි තරු ගොන්නට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ශ්‍රීමත් ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අද නව තරගාවලි වාර්තා 7 ක් සමගින් අනුරාධපුරදී අවසන් විය.

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමස්ථ බාලක ශූරතාව හිමිකරගත් අතර ගේට්වේ ජාත්‍යන්තර පාසල බාලිකා ශූරතාව තමන් සතු කරගැනීමට සමත් විය.

දෙහිවල ඇලීතියා ජාත්‍යන්තර විිද්‍යාලයෙන්, ගේට්වේ ජාත්‍යන්තර පාසලට පැමිණි දිනාරා බණ්ඩාර දෑල දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය.

පසුගියදා යොවුන් ඔලිම්පික් ලොකඩ පදක්කම ජයගත් පාරමී මාරිස්ටෙලා පළමුවෙන් අකුරු කළ හලාවත අඹකඳවිල ශාන්ත රෝගුස් කණිෂ්ඨ විද්‍යාලයේ නිපුන් රනිෂ්ක දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර විය.

මෙරට මලල ක්‍රීඩාවේ බෞතීස්මය බඳු වූ තරගාවලියක් ලෙස ශ්‍රීමත් ජෝන් ටාබට් කණිෂ්ඨ  මලල ක්‍රීඩා ශූරතාවලිය හැඳින්විය හැක.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org