පිලිපීනයේදී දිලිප්, හේමන්ත රන් පදක්කම් දිනයි, අජිත්ට ලෝකඩ පදක්කමක්
පිලිපීනයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්විය.
මීටර් 400 අවසන් තරගයට සහභාගීවෙමින් දිලිප් රුවන් තත්පර 46.87 ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගත් අතර අජිත් ප්‍රේමකුමාර ලෝකඩ පදක්කම හිමිකරගත්තේය.
මීටර් 1500 පිරිමි ඉසව්වට සහභාගීවෙමින් දමිත් හේමන්ත කුමාර ද රන් පදක්කම දිනා ගැනීමට සමත් ව තිබේ.
මීට අමතරව අමිල ජයසිරි ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දුර පැනීමේ ඉසව්වට සහභාගීවුව ද , පාදයේ ආබාදයක් මතුවීම හේතුවෙන් තරගයෙන් ඉවත්ව තිබේ.
පසුගිය වසර පුරාම පාදයේ ආබාදයකින් පෙළුණු ඔහු, ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස ඉවත් වී තිබේ.



