යුපුන් ඇතුළු ලෝක ශූරතාවට යන කණ්ඩායම වැට උඩ

By www.ceylonathletics.com | | Latest News, Top Stories

ඇමරිකාවේ ලබන 14 වැනි දා ආරම්භ වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ යුපුන් අබේකෝන්, නිලානී රත්නායක හා ගයන්තිකා අබේරත්නට මේ වන තෙක් වීසා ලැබී නැති බව වාර්තාවෙයි.

ඉතාලියේ වෙසෙන යුපුන් අබේකෝන්ට වීසා ලබා ගැනීමට මේවන තෙක් නොහැකි වී ඇති බව පවසයි.

ඇමරිකාවනු ගුවන් ගමන පැය ගණනාවක දුශ්කර ගමනක් වන අතර එලෙස ගමන් කිරීමෙන් පසුව තරගවැදීමට ද සිදුවේ.

ඊයේ(07) දිනයේ දී දුරපැනීමේ ක්‍රීඩිකා සාරංගී සිල්වාට ද ලෝක ශූරතාවට සුදුසුකම් ලබා ගත් බව ලෝක මලල ක්‍රීඩා සංගමය දන්වා තිබුණද එය එම අවස්ථාව ලබා නොගැනීමට තිරණය කලහ.

පොදුරද මඩුලු ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් පුහුණුකටයුතු සිදුකිරීම සඳහා එම තීරණය ගත් බව ඇය ප්‍රකාශ කළාය.

කෙසේ වෙතත්, ඇය තරගාවලියට සහභාගීවීමට තීරණය කලානම් ඇයට ද මෙම ගැටලුවට මුහුණදීමට සිදුවනු ඇතියි.

යුපුන්ගේ පුහුණුකරු ක්ලෝඩියෝ ප්‍රකාශයක් සටහන් කරමින් පවසන්නේ, දීර්ඝ ගුවන් ගමනක් වීම හේතුවෙන් ඔවුන් ලබන සඳුදා පිටත්වීමට නියමිත වුවත් එය සිදුනොවනු ඇති බවයි.

එසේම මෙලෙස අවසන් මොහොත දක්වා සිටීමට සිදුවීමෙන් ක්‍රීඩකයාගේ මානසික තත්ත්වය පිළිබඳවද ඔහු ප්‍රශ්න කර තිබේ.

මෙරට මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා සමග කළ සාකච්ඡාවේදී ලබන සඳුදා අදාල අවශ්‍යතා සැපිරීමට උත්සාහ කරන බවද පොරොන්දූ වී තිබේ.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org