පැරා ආසියානු ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 12ක් – ගලීනාගෙන් රන් පදක්කම් ත්‍රිත්වයක්

By www.ceylonathletics.com | | International News, Latest News

සුපිරි දරුවන්ගේ වික්‍රමය.

ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් 4 ක් ඇතුළුව පදක්කම් 12 ක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඉන් රන් පදක්කම් 3ක් ගලීනා බස්නායක හිමිකරගනිද්දී, මොහොමඩ් ස⁣⁣ෆ්‍රාන් රන් පදක්කමක් හා රිදී පදක්කමක් හිමිකරගත්තා.
මින් ඉදිරියට හෝ, ආබාද සහිත දරුවන් සමාජයේ ඉහළ වටිනාකමක් ඇති දරුවන් ලෙස සැලකීමට ඉඩ හසර ඇති වෙනු ඇතැයි විශ්වාස කරමු.
පදක්කමක් හිමි වුවද නැති වුවද ඔවුන්ගේ ආත්ම විශ්වාසය පැසසිය යුතුවේ.
පදක්කම් දිනාගත් ආකාරය පිලිවෙලින් කාණ්ඩය – ඉසව්ව හා ක්‍රීඩාව – නම හා පදක්කම අවසන් දිනයේ සිට පහලින් පිළිවෙලින්.

S1-10 – මීටර් 50 නිදහස් ආර – ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගලීනා බස්නායක – රන් පදක්කම
F42-47 – වයස 17න් පහළ දුර පැනීම – කැකුනගොල්ල අරක්යාල මුස්ලිම් මහා විද්‍යාලයේ මොහොමඩ් සෆ්‍රාන් – රන් පදක්කම
S6-10 – මීටර් 100 නිදහස් ආර – ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගලීනා බස්නායක – රන් පදක්කම
S6-10 – මීටර් 100 සමනල ආර – ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගලීනා බස්නායක – රිදී පදක්කම
F42-47 – වයස 20 න් පහළ දුර පැනීම – කොළඹ ලුම්බිණි විද්‍යාලයේ, ඉසුරු වීරක්කොඩි – සිව්වැනි ස්ථානය
F42-47 – මීටර් 200 – – කොළඹ ලුම්බිණි විද්‍යාලයේ, ඉසුරු වීරක්කොඩි – 7 වැනි ස්ථානය
T12 – මීටර් 200 – ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ, රවිඳු සමරකොන් – 7 වැනි ස්ථානය ඔහුගේ සහායක පන්සිලු පසන්.
F40-41 – කවපෙත්ත විසිකිරීම – ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ජේසන් ජයවර්ධන – රිදී පදක්කම
F42-47 – දුර පැනීම – කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ ජනනී වික්‍රමසිංහ – ලෝකඩ පදක්කම (මී.4.38)
T42-47 – මීටර් 100 – කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ ජනනී වික්‍රමසිංහ – ලෝකඩ පදක්කම
T42-47 – වයස 17 න් පහළ මීටර් 100 – කැකුනගොල්ල අරක්යාල මුස්ලිම් මහා විද්‍යාලයේ මොහොමඩ් සෆ්රාන් – රිදී පදක්කම
T42-47 – වයස 20 න් පහළ මීටර් 100 – කොළඹ ලුම්බිණි විද්‍යාලයේ, ඉසුරු වීරක්කොඩි – සිව්වැනි ස්ථානය
F40 – යගුලිය විසිකිරීම – ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ජේසන් ජයවර්ධන – රිදී පදක්කම
T47 – මීටර් 200 – කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ ජනනී වික්‍රමසිංහ – ලෝකඩ පදක්කම
S6-10 – මීටර් 400 කාන්තා නිදහස් ආර – ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගලීනා බස්නායක – රන් පදක්කම
S6-10 – මීටර් 400 පිරිමි නිදහස් ආර – කොළඹ ඩී.ඒස්. සේනානායක විද්‍යාලයේ – නවීඩ් රශීන් ⁣- ලෝකඩ පදක්කඩ

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org