යුද්ධ හමුදා ශූරතාවලියේ තෙවැනි දිනයේ තොරතුරු

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

යුධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලියේ තෙවන දිනය වන අද දිනය (24) නිමා වන විට කාගේත් අවධානයට නතු වන ඉසව්වක් වන මී.100 පිරිමි අවසාන තරගය පැවැත්වුණි. එහිදී ශූරයා බවට පත් වීමට W.K හිමාෂ ඒෂාන් ක්‍රීඩකයා සමත් විය.එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය තත්.10.29ක්.
කාන්තා මී.100 කඩුළු ඉසව්වේ ශූරියද අද දිනයේ බිහි වූ අතර ඇය W.V.L සුගන්ධි ය.ඇයද පසුගිය වර්ෂ කිහිපයේදීම එම ඉසව්වේ ජාතික ශූරියයි. අද දිනයේදී ඇය දැක්වූ දක්ෂතාවය තත්.13.84කි.එම තරග නිමි කාලය තරගාවලි වාර්තාවක් ලෙසින්ද සනිටුහන් විය.
එමෙන්ම අද උදෑසන දී පැවැත්වුණු කාන්තා මී.10000 ඉසව්වෙන් ශූරිය බවට පත්වීමට H.M.P හේරත් ක්‍රීඩිකාව සමත් විය.ඇයගේ තරග නිමි කාලය ලෙස වි.37 තත් 22.50ක් ලෙස දැක්විය. පිරිමි උස පැනීම ඉසව්වද කාගේත් අවධානයට යොමු වුණා.එහි දී උස පැනීම ශූරයා බවට පත් වූයේ පසුගිය දා මී.110 කඩුළු ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිට වූ රොෂාන් ධම්මික රණතුංගය.එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මී.2.14කි.
තරග පැවැත්වෙන සිව්වන දිනය වන හෙට දිනයේ (25) ද අවසන් තරග කිහිපයක් ම පැවැත්වීමට නියමිතය.ඒ මී.5000 කාන්තා සහ පිරිමි අවසන් තරගය,මී.800 කාන්තා සහ පිරිමි අවසන් තරගය,මී.400 කඩුළු කාන්තා සහ පිරිමි අවසන් තරගය,මී.200 කාන්තා සහ පිරිමි අවසන් තරගය සහ පිරිමි තුන් පිම්ම අවසන් තරගය ලෙසයි. මෙහිදී මී.200 පිරිමි ඉසව්වේ බොහෝ දුරට ඉතා තියුණු තරගයක් පැවතීමට ඉඩ අවකාශ තිබේ.

✍️: ඉසුරිකා අමල්ශී

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org