රිටි පැනීමේ කාන්තා වාර්තාව අලුත් වෙයි – දෙවැනි දිනයේ තොරතුරු

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

යුධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය 2020/2021
පසුගියදා (22) සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනය වූ ඊයේ දිනය (23) නිමාවන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබිණි. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් නව යුද හමුදා වාර්තා දෙකක්,නව තරගාවලි වාර්තා අටක් සමඟින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වීමත් සමඟයි.
කාන්තා රිටි පැනීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදා බළකායේ සචිනි පෙරේරා ඊයේ සමත් වූයේ ඇය විසින්ම තබා තිබූ ශ්‍රී ලංකා වාර්තාව බිද හෙළමිනි.එහිදී ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 3.60ක් ය. ඇය මීටර් 3.70ක උස තරණය කිරීමට ගත් උත්සාහයට වර්ෂාවෙන් අනපේක්ෂිත ලෙස බාධා එල්ල වූ අතර ඇයට මීටර් 3.60ක උසකින් සෑහීමට පත්වීමට සිදු විය. ඇය මීට පෙර 2020 සහ 2021 වර්ෂයන් වලදී ජාතික ශූරතාවලියේදීද ශ්‍රී ලංකා වාර්තාව දෙවරක් බිඳ දමා තිබීම විශේෂත්වයක්.
මේ අතර යුද හමුදා කාන්තා බලකා කණ්ඩායමද පෙරේදා දිනයේ කැපී පෙනෙණ දක්ෂතාවක් දැක්වීමට සමත් විය. ඒ සහාය දිවීමේ තරගාවලි වාර්තා හයක් අලුත් කිරීමෙනි.තවද නව ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවනවා සේම දක්ෂතා වල වර්ධනයක් ද පෙරට වඩා පෙනී යාම විශේෂත්වයක්.තරගාවලිය අවසාන වන විට තවත් ඉසව් වලින් නව තරග වාර්තා මෙන්ම ජාතික වාර්තා ද රැසක් බිහි වීමට බොහෝ ලෙසින් ඉඩ පහසුකම ඇති බව ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින්ම ඔවුන්ගේ දක්ෂතා වලින් ඉගි දක්වා ඇත.
සෞඛ්‍ය ආරක්ෂන නීති රීති වලට අනුකූලව සහ යුධ හමුදා පොලිස් භටයන්ගේ දැඩි නීති රීති මාලාවකට අනුව මෙම තරගාවලිය අද ,හෙට සහ අනිද්දා යන දිනයහිදී ද සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.මෙහිදී තරග කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැර වෙනත් පිටස්තර කිසිවෙකුට ක්‍රීඩාංගනය තුළට ඇතුළු වීමට ද නොහැකි අතර මෙම පියවර යුධ හමුදාව විසින් ගෙන ඇත්තේ රටේ මේ වන විට පවතින තත්තවය සැළකිල්ලට ගැනීමෙනි

✍️: ඉසුරිකා අමල්ෂී

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org