සුපිරි සංචිතයට මූල්‍යාධාර ලැබෙයි.. දක්ෂතා අනුව සෙස්සන්ටත් අනාගතයේ අවස්ථාව

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ක්‍රීඩකයන් බලාත්මක කිරීමේ වැඩසටහන අනුව මූල්‍යාධාර ලබා දී ඇති බව වාර්තාවෙයි.

මෙතෙක් පෝෂණ දීමනාවක් පමණක් ලබා දුන් පසුබිමක එය රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීමටත්, පෝෂණ දීමනාවක් ඊට අමතරව ලබා දීමටත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ක්‍රීඩා කමිටුව කටයුතු සැලසුම් කළේය.

මලල ක්‍රීඩාවද ඇතුළුව සෙසු ක්‍රීඩා සඳහා ද එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙල හා සෙසු ජාත්‍යන්තර තරග හා පදක්කම් අවස්ථා විවර කරගැනීම මෙම සැලසුමේ අරමුණනයි.

එසේම එළඹෙන තරගාවලිවලදී දක්වන දක්ෂතා අනුව සුපිරි සංචිතය හා සෙසු සංචිත සඳහා ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවනු ඇත‍.

මෙම වැඩපිලිවෙල හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මානසිකව හා මූල්‍යමය වශයෙන් ශක්තිමත් වනු ඇති අතර, ක්‍රීඩාව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආකාර්ශනය කරගැනීමට ද ඉවහල් වනු ඇත.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org