Video: උෂාන් උස පැනීමේ ජාතික වාර්තාව අතට ගනී

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ඇමරිකාවේ ටෙක්සාස් හී අධ්‍යාපන කටයුතු සිදුකරමින් පුහුණුවීම් සිදු කරන උෂාන් තිවංක පෙරේරා උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කරගැනීමට සමත්විය.

එරට උසස් අධ්‍යාපන ආයතන අතර පැවැත්වෙන ටෙක්සාස් රිලේස් තරගාවලියේ දී මීටර් 2.28 ක දක්ෂතාවක් දැක්වූ උෂාන්, මංජුල කුමාර විජේසේකර සතුවූ මීටර් 2.27 ක් වූ උස පැනීමේ වාර්තාව තමන් සතු කරගත්තේය.

පසුගියදා උෂාන් උස පැනීමේ ගෘහස්ත ශ්‍රී ලංකා වාර්තාව ද තමන් සතු කරගැනීමට සමත්විය.

ඔහු අද දැක්වූ දක්ෂතාව අනු⁣ව මෙම වසරේ ලෝකයේ එළිමහන් තරගවලදී ක්‍රීඩකයන් දක්වා ඇති දක්ෂතා අතර පසුවන්නේ තෙවැනි ස්ථානයේයි.

පෝලියෝ රෝගයෙන් පීඩා විඳින මව හා පියා සමගින් අමිහිරි ළමා අවධියක් පසුකළ උශාන්ට ක්‍රීඩාවෙන් ඉදිරි ගමන පෙන් වූ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය, ඔහුගේ මෙම ජයග්‍රහණයේ කොටස් කරුවන් වනවා නොඅනුමානය.

ජයග්‍රහණය සැමරීම පහසු වුවත් එය ලැබීම හා ලබා ගැනීම පහසු නැහැ…

උෂාන් තිවංක, රාගම මහබාගේ කරුණාරත්න බෞද්ධ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා පසුව මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ගත්තේය.

එහිදී ක්‍රීඩාවද ප්‍රගුණ කරමින්, ජාතික තලය දක්වා පැමිණි උෂාන්ගේ පසුබිම් කතාව බොහෝ දෙනා නොදන්නා තරම්.

පෝලියෝ රෝගයෙන් පෙලෙන මව හා පියා රාගම පුන්‍යායතනයකින් ලබා දුන් නිවසක වාසය කරන අතර ස්වයං රැකියාවක යෙදෙමින් උෂාන්ව උස්මහත් කිරීමට වෙහෙස විය.

අද උෂාන් දෙමාපියන්ට සතුටු කඳුලක් එක් කිරීමට සමත්ව සිටියි.

2018 දී පළ වූ වාර්තාවක්…

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org