ඇමරිකාවේ දී උෂාන්ගෙන් නව පිම්මක්
|ඇමරිකාවේ ක්‍රිම්සන් ඇන්ඩ් ගෝල්ඩ් ආරාධිත ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් හිටපු ජාතික ශූර උෂාන් තිවංක දැක්වූ දක්ෂතාව මීටර් 2.21 ක් වේ.
එය ගෘහස්ත තරගවල ඔහු දැක්වූ උපරිම දක්ෂතාව වන අතර, එම තරගාවලියේ වාර්තාව ද අලුත් කිරීමක් වේ.
පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් දින 14 ක ස්වයං නිරෝධායනට මෑත දිනවලදී ලක්වීමට සිදු වීම හේතුවෙන් පුහුණු කටයුතු මග හැරුණ මුත් මෙවැනි දක්ෂතාවක් දැක්වීමට ලැබීම ගැන සතුටු වන බව තිවංක සඳහන් කරයි.
උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වයක් අනුව පුහුණුකටයුතුද සිදු කිරීමේ අරමුණින් උෂාන් ඇමරිකාව බලා පිටත් වූ අතර ඉදිරි තරගාවලි වලදී උපරිම දක්ෂතා දැක්වීමට බලාපොරොත්තුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙරටදී හිටපු ක්‍රීඩකයෙකුද වන සෙනරත් ප්‍රනාන්දු මහතා යටතේ පුහුණුවීම් කළ උෂාන් මෙිවනවිට ජෝජ් පින්කොක් මහතාගේ අධික්ෂණය යටතේ පුහුණුවීම් සිදු කරයි.
Video