මලල ක්‍රීඩාව නැංවීමට සුපිරි සැලැස්මක්; ක්‍රීඩකයා හා පුහුණුකරු බල ගැන්වෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ජාතික මලල ක්‍රීඩාව නැංවීමට දීර්ඝ කාලීන වැඩසටහනකට මූලිකත්වය ලබා දෙමින්, ක්‍රීඩකයා හා පුහුණුකරුවා බල ගැන්වීමේ අරමුණැතිව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රමුඛව සැලසුමක් ඉදිරිපත්ව ඇත.

මේ හරහා ලබන 2022 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල මෙන්ම මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ශූරතා තරගාවලිය හා ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ඉල්ලක කරමින් පුහුණුකටයුතු සිදුකරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 දෙනෙකු ප්‍රතිලාභ ලැබීමට නියමිතය.

පසුගිය වසර කිහිපයේ අඛණ්ඩව දක්ෂතා දක්වමින් ශේණිගත කිරීම් හී ස්ථානයන් රැකගෙන සිටින හා මෑත කාලයේ දැක්වූ දක්ෂතාද පදනම් කරගනිමින් අදාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගෙන ඇත.

අදාල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් 14 දෙනෙකු ද මෙම ව්‍යාපෘතිය යටතේ ඇගයීම⁣ට ලක්වන අතර ප්‍රධාන පුහුණුකරුවන් ⁣තිදෙනෙකු මෙම පුහුණු ක්‍රියාවලිය අධීක්ෂණය කරනු ඇත.

අදාල සැලසුමට අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මූල්‍ය අනුග්‍රහයක් මෙන්ම, දිවයිනේ සිටින ප්‍රමුඛතම පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේ නේවාසිකව පුහුණුකටයුතු සිදු කිරීමේ සියලු පහසුකම් සැලසෙනු ඇත.

නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදිරි මාස හයක කාලයක් මෙය ක්‍රියාත්මක වනු ඇති අතර ඊට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ සෘජු දායකත්වය ලැබෙන අතර මලල ක්‍රීඩා සංගමයේ හා ඔලිම්පික් කමිටුවේ අධික්ෂණය හිමිවේ.

එසේම ස්වේච්ඡාවෙන්ම පුහුණුකරුවන් 6 දෙනෙකු මෙම සැලසුමට සහාය දැක්වීමට ඉදිරිපත්ව ඇත.

මලල ක්‍රීඩකයන්ගේ සංසදය ද මෙම සැලසුම සකස් කිරීමට ප්‍රමුඛ මෙහෙවරක් කර ඇති අතර ඔවුන් ද මෙම වැඩසටහනට සහාය දැක්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ඇත.

ක්‍රීඩා අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුවෙන් ද මෙම සැලසුමට අනුමැතිය ලැබී ඇති බව වාර්තාවන අතර ඊයේ(11) ක්‍රීඩා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවේ දී යහපත් ප්‍රතිචාර හිමිව තිබේ.

අදාල අවස්තාවට මලල ක්‍රීඩා සංගමයේ නියෝජිතයන්, ජාතික ඔලිම්පික් කමිටු නියෝජිතයන්, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ සාමාජිකයන්, ක්‍රීඩා සුබසාදන කමිටු සාමාජිකයන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයේ මහේල ජයවර්ධන, ජූලියන් බෝලිං, දිලන්ත මාලගමුව ඇතුළු තාක්ෂණික කමිටු සාමාජිකයන්ද සහභාගී විය.

අමාත්‍යවරයා අද(12) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ වෘත්තීය පළපුරුද්ද සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම අත්‍යාවශ්‍ය කාර්යයක් බවයි.

ඊට මෙම සැලසුම මහත් රුකුළක් වනු ඇත.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org