ඇමරිකාවේ දී උෂාන්ගෙන් නව පිම්මක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

මේවනවිට ඇමරිකාවේ ටෙක්සාස් හී උසස් අධ්‍යපන ආයතනයකට අනුබද්ධව පුහුණුවීම් සිදු කරන උෂාන් තිවංක මෙම වසරේ පළමු තරගයට සහභාගීවෙමින් උස පැනීමේ නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත්විය.

ඇමරිකාවේ ක්‍රිම්සන් ඇන්ඩ් ගෝල්ඩ් ආරාධිත ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් හිටපු ජාතික ශූර උෂාන් තිවංක දැක්වූ දක්ෂතාව මීටර් 2.21 ක් වේ.

එය ගෘහස්ත තරගවල ඔහු දැක්වූ උපරිම දක්ෂතාව වන අතර, එම තරගාවලියේ වාර්තාව ද අලුත් කිරීමක් වේ.

පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් දින 14 ක ස්වයං නිරෝධායනට මෑත දිනවලදී ලක්වීමට සිදු වීම හේතුවෙන් පුහුණු කටයුතු මග හැරුණ මුත් මෙවැනි දක්ෂතාවක් දැක්වීමට ලැබීම ගැන සතුටු වන බව තිවංක සඳහන් කරයි.

උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වයක් අනුව පුහුණුකටයුතුද සිදු කිරීමේ අරමුණින් උෂාන් ඇමරිකාව බලා පිටත් වූ අතර ඉදිරි තරගාවලි වලදී උපරිම දක්ෂතා දැක්වීමට බලාපොරොත්තුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


මෙරටදී හිටපු ක්‍රීඩකයෙකුද වන සෙනරත් ප්‍රනාන්දු මහතා යටතේ පුහුණුවීම් කළ උෂාන් මෙිවනවිට ජෝජ් පින්කොක් මහතාගේ අධික්ෂණය යටතේ පුහුණුවීම් සිදු කරයි.

Video

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org