කොරෝනා, ක්‍රීඩා නේවාසිකාගාරයටත් රිංගයි – කිහිපදෙනෙක් ස්ව්‍යං නිරෝධායනයට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ටොරින්ටන් ක්‍රීඩා නේවාසිකාගාරයේ නේවාසිකව පුහුණුවන පුහුණුකරුවන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි වාර්තා වේ.

ඒ්, ජිම්නාස්ටික් පුහුණුකරුවෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

ඔහු සමගින් තවත් පුහුණුකරුවන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු PCR පරීක්ෂණ සඳහා ඒකම රථයකින් අංගොඩ රෝහල වෙත ගමන් කළ පිරිස මෙලෙස නේවාසිකාගාරය තුළම ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණු කටයුතු කරගෙන යෑමේ අපහසුතා සැලකිල්ලට ගනිමින් ටොරින්ටන් නේවාසිකාගාරයේ නේවාසිකව පුහුණුවීමේ අවස්ථාව ලබා දුන්නද, ලැබුණු උපදෙස් ක්‍රියාත්මක වී නොමැති බව වාර්තා වේ.

හුදකලා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමට වෛද්‍ය උපදෙස් ලබා දී තිබුණද, නේවාසිකාගාරයට පිටස්තර පුද්ගලයන් පැමිණ ඇති බවත්, ඇතැම් සේවකයන් නිවෙස්වල සිට නේවාසිකාගාරයේ සේවයට පැමිණ ඇති බවත් වාර්තාවේ.

මීට අමතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විශේෂ අවශ්‍යතාවක් ලෙස සලසා නේවාසිකාගාරය ලබා දුන්නද, ක්‍රීඩා අමාත්‍යංශයේ සේවකයෙක්ට ද නේවාසිකාගාරයේ නවතැන් පහසුකම් සලසා ඇත.

ඔහුද කොරෝනා ආසාදනය වූවෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස සලකා මේවනවිට ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

මීට පෙර ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට ලබා දුන් උපදෙස් මාලාව අනුව කිසිවෙකුට පිටතට යාමේ අවස්ථාවක් ලබා නොදුන් අතර පිටස්තරයන්ට ඇතුළු වීම ද තහනම් විය.

 

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org