පානදුර මෝදරවිල ක්‍රීඩාංගණය හොර පාරෙන් විකිණෙයි ද?

By www.ceylonathletics.com | | Latest News, Sinhala

පානදුර මෝදරවිල කර්මාන්ත පුරයේ ඇති මෝදරවිල ක්‍රීඩාංගණය, අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනය කිරීමට පිඹුරුපත් සකස් කර තිබුණද, මේවනවිට ඒය අතරමග නවතා අවට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් උදුරා ගැනීමේ සැලසුමක් වාර්තාවේ.

බළධාරීන් මෙම ක්‍රීඩාංගණය තෙවන පාර්ශවයකට විකුණා දැමීමේ සැලසුමක් ද සම්බන්ධයෙන් ද වාර්තා වන අතර, මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද දැනුවත් කර ඇති බව ද වාර්තාවේ.

 

 

පානදුර නගර මධ්‍යයයේ ඇති ක්‍රීඩාංගණය අක්කර අටකින් සමන්විත භූමිභාගයකින් යුක්තවන අතර, මලල ක්‍රීඩා, රග්බි පාපන්දු මෙන්ම පිහිණුම් තටාකයකින් ද සමන්විතව සංවර්ධනය කිරීමේ හැකියාව ඇත. මෙම ප්‍රදේශයට මෙවැනි ක්‍රීඩා සංකීර්ණයක් නොමැති වීමේ අඩුව හේතුවෙන් පුහුණුකටයුතු සඳහා බොහෝ දෙනා කොළඹ පැමිණිය යුතුවේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෑතක් වන තුරු මෙම ක්‍රීඩාංගණය පුහුණු කටුයුතු සඳහා යොදා ගත්තද මේවනවිට ක්‍රීඩාංගණය වසා දැමීමට කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානයට ලිඛිතවද යොමුකර ඇත. නගරයේ පාසල් 10 ක් හා අවට පාසල් 49ක් ඒම ඉල්ලීමට ඒක්ව ඇති අතර, එහිදී අවධාරණය කර ඇත්තේ, පහසුකම් සහිත ක්‍රීඩාංගණයක් නොමැති වීම විශාල අඩුපාඩුවක් බවයි.

මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් ජනාධිපතිවරයා විසින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස උපදෙස් දී ඇත. ඒ් අනුව ජනාධිපති ලේකම් කාර්යලය හරහා ක්‍රීඩාංගණය හිමිකාරකත්වය දරන කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාටද අවශ්‍ය කටුයුතු කරන ලෙස දන්වා තිබේ.

කෙසේ බළධාරීන් විසින් මෙම ස්ථානය වෙළඳ අරමුණකින් විකුණා දැමීමේ සැලසුමක් සම්බන්ධයෙන් ද ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

ප්‍රදේශයේ දේශපානාධිකාරිය විසින් විටින් විට සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් ඒක් ඒක් වැඩසටහන් මෙම ක්‍රීඩාංගණය මූලික කරගනිමින් සිදු කළ ද මේ දක්වා ඉන් ප්‍රතිලාභයක් ලැබී නැති බවත්, ජනාධිපතිවරයාවෙත යොමු කළ ලිපියේ සඳහන්.

පසුගිය රජය සමයේ ක්‍රීඩංගණයෙන් කොටසක්, වෘත්තීය පුහුණු අධිකාරියට ලබා දී ඇතත්, පසුව ඒම කොටස ව්‍යාපාරිකයෙකුට කුළී පදනම මත ලබා දී තිබේ.

 

 

 

 

 

 

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org