ජාතික ශූරතාවලිය පවත්වනවා ද? නැද්ද? අවසන් තීරණය අද රාත්‍රියේදී

By www.ceylonathletics.com | | Sinhala, Top Stories

මෙම වසරේ ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය (Nationals) පැවැත්වෙනවා ද, නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට අද රාත්‍රියේ දී තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිළධාරීන් හා ක්‍රීඩා සෞඛ්‍ය විද්‍යායතනයේ නිළධාරීන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

නව කොරෝනා තත්ත්වය හේතුවෙන් දිනෙන් දින බාලගිරි දෝශයට හසුව මෙම වසරේදී කිසිදු තරගාවලියක් පැවැත්වීමට නොහැකි විය.

පසුගිය වසරේ දී දකුණු ආසියානු තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙන්ම, එළඹෙන ජාත්‍යන්තර තරග කාල සටහන ඉලක්ක කරගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම් සිදුකළ ද, කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අවස්ථා කිහිපයක දීම තේරීම් තරගාවලි අවලංගු කිරීමට සිදු විය.

අප්‍රේල් මස පැවැත්වීමට නියමිත වූ පළමු තේරීම් තරගාවලිය කල් දැමුණු අතර මෙම මස පැවැත්වීමට නියමිත වූ තේරීමේ තරගාවලිය ද කල් දැමීමට සිදුවිය.

එසේම පවතින තත්ත්වය හේතුවෙන්, ජාතික ශූරතා තරගාවලිය හෝ පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ගැටලු මතුව තිබේ.

කෙසේ වෙතත්, ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට නම් ජාතික ශූරතාවලියේ දී පිරිණැමෙන ලකුණු සංඛ්‍යාව ඉතා වැදගත් වනු ඇත.

එසේම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම වසරේ දී කිසිදු තරගයකට සහභාගීවීමේ අවස්ථාව අහිමි වීම, ඔවුන්ගේ උනන්දුව අවම වීමට ද හේතුවේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් නේවාසිකව තබා ගනිමින් පුහුණුකටයුතු සිදුකිරීමට අවස්ථාව ලබා දීම ගැනද අවධානය යොමුව ඇත.

 

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org