කට්ටි පැන්න චෝදනාවෙන් සල්වා නසර් ගැලවෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

මීටර් 400 ලෝක ශූරිය වන බහරේනයේ සල්වා නසර් වෙත නගා තිබුණු චෝදනාවන්ගෙන් නිදහස් කිරීමට ලෝක මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.

සල්වා පසුගිය වසරේ තුන්වරක්, හා මෙම වසරේ එක් වරක් ලෙස සිව්වරක් තහනම් උත්තේජක පරීක්ෂණ මග හැර ඇති බව පවසමින්, ලෝක මලල ක්‍රීඩා තහනම් උත්තේජක නිවාරණ ඒකකය (AIU) මගින් චෝදනා එල්ල කර තිබිණ.

ඒ අනුව, ඇයට තාවකාලික තහනමක් පැනවූ අතර, ඒ සම්බන්ධයෙන් වන කරුණු විමසීම විඩියෝ තාක්ෂණය හරහා පසුගියදා සිදුකර තිබිණ.

එහිදී ලැබුණු සාක්ෂි අනුව, ඇය නිදහස් කිරීමට ලෝක මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.

ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන් පිළිබඳව තොරතුරු යාවත් කාලීන කළ යුතු අතර, ඔවුන් යන එන ස්ථාන හා රැඳී සිටින ස්ථාන එහි දැක්විය යුතුය.

තහනම් උත්තේජක ඒජන්සියේ නිළධාරීන්, ක්‍රීඩකයන් සඳහා කරනු ලබන අහඹු පරීක්ෂණ සිදුකරනු ලබන්නේ එසේ ලබා දෙන තොරතුරු අනුව නොදන්වා ඔවුන් වීමෙනුයි.

සල්වා නසර්, එලෙස තමන් පිළිබඳ තොරතුරු නිවැරදි ලෙස යාවත්කාලීන කර නැති බවට චෝදනා එල්ල වූ අතර, අහඹු පරීක්ෂණ මගහැරීමක් ලෙස එය සලකනු ලැබේ.

කෙසේ වෙතත්, කරුණු විමසීමෙන් පසුව, ඇයට නැවත තරග වැදීමේ අවස්ථාව සැලසෙන සේ නිදහස් කර තිබේ.

කෙසේ වෙතත්, ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන ලෝක මලල ක්‍රීඩා තහනම් උත්තේජක නිවාරණය ඒකකයට මෙම තීරණය සම්බන්ධයෙන් අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවේ.

ක්‍රීඩා බේදුම් කරන අධිකරණය (CAS) ඉදිරියේ මේ සම්බන්ධයෙන් අභියාචනාවක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට දින තිහක කාලයක් ලබා දී ඇත.

අදාළ තීන්දුව සම්බන්ධයෙන් ලේඛණය මෙතැනින් කියවන්න

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org