කැළෑ වැදෙන රුවන්පුර ක්‍රීඩාංගණය අද නොවෙයි හෙට

By www.ceylonathletics.com | | Sinhala, Top Stories

එක් පළාතකට ක්‍රීඩාසංකීර්ණයක්, දිස්ත්‍රික්කයට ක්‍රීඩාංගණයක් ලෙස විවිද අවස්තාවල විවිධ පුද්ගලයන් ඇමතිවරු ලබා දෙන පොරොන්දු හුදෙක් වචන පමණක් වන අවස්තාද එමටයි.

එසේ යමින් ඉදිකල රුවන්පුර එසේත් නැත්නම් රත්නපුර ක්‍රීඩා සංකීර්ණය සුදු අලියෙක් ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘත නොවීම ශෝකජනකය.

විශාල පිරිවැයක් යොදා ඉදිකල මෙම ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රධාන ක්‍රීඩාංගණයේ වැඩ තවමත් අවසන් කිරීමට නොහැකි වී ඇත්තේ බාලගිරි දෝශය හේතුවෙනි.

ක්‍රීඩාංගණය⁣ට පෙර ගොඩනැගිලි තනන සංස්කෘතියකින් පැවත එන මෙරට ක්‍රීඩාව ක්‍රීඩාව මූලික කරගත් ක්‍රීඩකයා මූලික කරගත් සංස්කෘතියක් වෙත යොමුවීමේ කාලය එළඹ ඇත.

2015 වසරේ රුපියල් මිලියන 250ක ඇස්තමේන්තු පිරිවැයක් අනුව මුල්ගල් තැබුවද, මේ දක්වා එය විවෘත කර ක්‍රීඩකයන්ට ලබා දීමට අපොහෙසත්ව ඇත.

තණකොල වෙනුවට වල්ගස් වැවී ඇති ක්‍රීඩාංගණය නොබෝ දිනකින් ලඳු කැලෑවක් ලෙස නම් කරනු ඇත.

දකුණු ආසියාව, ආසියාව, ලෝකය හා ඔලිම්පික් උළෙලවල් නියෝජනය කරමින් පදක්කම් ද හිමිකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවූ සබරගමුව පළාතටම හරි හමන් ක්‍රීඩාංගණයක් මේ දක්වා නැත.

මුල්ගල් තබා ගොඩනැගිලිවලින් වර්ණවත් වූ ක්‍රීඩා සංකීර්ණයට බාලගිරි දෝශය.

දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකවෙන්ගේ ඉල්ලීමවන්නේ, පුහුණු කටයුතු කිරීම සඳහා හෝ ප්‍රධාන ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු අවසන් කර ලබා දෙන ලෙසයි.

ක්‍රීඩා අමාත්‍ය තුමණි ⁣මේ ඔබේ අවධානය සඳහායි.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org