යුද්ධ හමුදාපති ජාතික තේරීම් කමිටු සභාපති ලෙස පත්වේ, දර්ශා අභියාචනා හා උපදේශක කමිටුවට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ජාතික ක්‍රීඩා තේරීම් කමිටු සභාපති ලෙස යුදහමුදාපති පත්කෙරේ

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත් කළේය.

ඒ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට සහ අභියාචනා උපදේශක කමිටුවේ නව සාමාජිකයින්ට පසුගිය සිකුරාදා (02) පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා, අර්ජුන් රිෂියා ප්‍රනාන්දු සහ මොහොමඩ් හෆීස් මාර්සෝ යන මහත්වරුන් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

විනිසුරු කන්කානි තන්ති චිත්‍රශ්‍රී (සභාපති), චන්දක ජයසුන්දර මහතා, ඩිනල් මාරියෝ රෙක්ස් පිලිප්ස් පීසී, සිදත් වෙත්තමුනි, දමයන්ති දර්ශා, අරිත්ත රාහුල වික්‍රමනායක මහතා සහ රොෂානි මාරි කොබ්බෑකඩුව මහත්මිය ක්‍රීඩා අභියාචනා හා උපදේශක කමිටු සාමාජිකයින් වේ.

ජාතික ක්‍රීඩා වෙනුවෙන් විශාල ක්‍රීඩක ආයෝජනයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදු කර ඇති අවස්ථාවක තමා මෙම තනතුරට පත්කිරීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වන බවත් තමාට රට වෙනුවෙන් ලබාදුන්මේ වගකීම උපරිමයෙන් ඉටුකර මෙරට ක්‍රීඩාව ලොවඉහළ මට්ටමකට ගෙන ඒමට කළ හැකි උපරිම සේවය සිදුකරන බවත් මෙ පිළිබඳ අදහස් දක්වමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

– දිලංක ගුණතිලක

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org