ජාතික මහා ක්‍රීඩා උළෙල කලකට පසු සුගතදාස පිටියට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

මාධ්‍ය නිවේදනය: ජාත්‍යන්තරය ජයගත හැකි, ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනාගෙන, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ඨ පුහුණුවක් සදහා ජාත්‍යන්තර ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන වෙත යොමු කිරීම අරමුණ කරගත් මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල 2020 දෙසැම්බර් මසදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කොවිඩ් 19 රෝග ව්‍යසන තත්වය හමුවේ මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල සහ එයට සමගාමීව පැවැත්වෙන සියලුම ක්‍රීඩා තරඟ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පැවැත්වීමටත්, ක්‍රීඩා ඉසව්වල ගුණාත්මක භාවයට මුල්තැනක් ලබාදෙමින්, ජාත්‍යන්තර තාක්ෂණ ක්‍රමවේදයන්ට අනුව පැවැත්වීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන මැරතන්, පාපැදි සහ තරග ඇවිදීම 2020 ඔක්තොම්බර් මස 10 සහ 11 යන දිනයන්හිදී කතරගම නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

මෙවර සුවිශේෂීත්වය වන්නේ ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතා දක්වන, ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු ඒ ඒ ක්‍රීඩාවට ගැලපෙන විදෙස් රටවල සම්පූර්ණ ශිෂ්‍යත්වයක් සහිතව වසර 03 ක පුහුණුවක් ලබා දීමට ගරු අමාත්‍යතුමා විසින් කටයුතු සම්පාදනය කර තිබේ

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org