යුපුන්ගෙන් නව දකුණු ආසියානු වාර්තාවක් (Video)

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

දැනට ඉතාලියේ පුහුණුවීම් සිදුකරන මීටර 100 ධාවන ශුර යුපුන් අබේකෝන් මීටර 100 ශ්‍රී ලංකා වාර්තාව මෙන්ම දකුණු ආසියානු වාර්තාවත් අලුත් කිරීමට සමත්වුනා .
ඒ අද (8) දිනයේ ජර්මනියේ පැවති ජාත්‍යන්තර මීටර 100 තරගය (International Meeting at Dessau/Germany) ජයග්‍රහණය කරමින්. මෙහිදී ජර්මනියේ මීටර 100 ශූර ඩෙනිස් අල්මාස් (Denis Almas) පරාජයට පත්කළ යුපුන් මීටර 100 ජයගත්තේ තත්පර 10.16ක කාලයක් වාර්තා කරමින්. එහිදී ඔහු බිද හෙලනු ලැබුවේ හිමාෂ ඒශාන් විසින් පසුගිය වසරේ වාර්තා කල තත්පර 10.22ක කාලයයි .
යුපුන් පසුගිය වසරේ දකුණු ආසියානු තරගාවලියේදී මීටර 100 සහය දිවීමේ කාණ්ඩයකම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දින දෙනු ලැබූ අතර ඔහු ලබන වසරේ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීම අරමුණු කොටගෙන වැඩි පහසුම් ඇති ඉතාලියේ පුහුණුවීම් වල නිරතවෙනවා . ඔලිම්පික් උළෙලට පරිසාදන මට්ටම ඉක්මවා සුදුසුකම් ලබිමටනම් ඔහු මීට 100 තත්පර 10.05කට අඩු කාලයක් වාර්තා කල යුතුවෙනවා

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org