රට හරහා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා තරග විවෘත තරග ලෙස පැවැත්වේ

By www.ceylonathletics.com | | Latest News, Sinhala

පෙබරවාරී මස 6 වැනි දා නුවර එළියේ දී පැවැත්වීමට නියමිත යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා රට හරහා දිවීමේ තරගාවලිය මෙවර විවෘත තරගවලියක් ලෙස පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙරට දී පැවැත්වීමට නියමිත දකුණූ ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණින් මෙලෙස මෙවර යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා රට හරහා දිවීමේ තරගාවලිය විවෘත තරගාවලියක් ලෙස පැවැත්වෙනු ඇත.

ඒ අනුව, යුද්ධ හමුදාව නියෝජනය නොකරන ක්‍රීඩ ක්‍රීඩිකාවන්ට ද මෙම තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව හිමිවනු ඇති.

කාන්තා හා පිරිමි විවෘත තරගවලට අමතරව, නුවරඑළිය ප්‍රදේශයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩාකාවන්ට ද තරග පැවැත්වෙන අතර, යුද්ධ හමුදා අධුනික මලල ක්‍රීඩා තරගාවලියට සමගාමීව පිරිමි රට හරහා තරගයක් ද පැවැත්වෙනු ඇති.

තරගාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එදින ලියාපදිංචි වීමේ අවස්ථාව හිමිවනු ඇති අතර, වෛද්‍ය වාර්තාවක් සමගින් ලියා පදිංචි විය යුතු වේ.

තොරතුරු සඳහා අමතන්න 0718318964

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org