දකුණු ආසියාව ජයගත් තරු 7 කට ආසියානු ගෘහස්ත වරම්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකුට ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

චීනයේ දී ලබන පෙබරවාරි මස 12 හා 13 වැනි දින පැවැත්වෙන තරගාවලිය, ලෝක ශූරතා ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභගීවීමේ අවස්ථාව ද ලබා ගත හැකි තරගාවලියක් වේ.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් තුනක් දිනා ගත් ඩිල්ශි කුමරාසිංහ මීටර් 400 හා 800 ඉසව් සඳහාත්, රන් පදක්කම් දෙකක් දිනාගත් අරුණ දර්ශන මීටර් 400 ඉසව්වටත්, රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම දිනාගත් ලක්ෂිකා සුගන්ධී මීටර් 60 කඩුලු හා පංච ප්‍රයාම තරග සඳහාත්, රන් පදක්කම් දෙකක් දිනාගත් නිලානී රත්නායත මීටර් 1500 හා මීටර් 3000 ඉසව්වලටත්, මීටර් 800 රන් පදක්කම දිනාගත් ඉඳුනිල් හේරත් එම ඉසව්වටත් සහභාගීවීමට නියමිතය.

මේ අතර, තුන්පිම්ම හා දුර පැනීමෙන් රන් පදක්කම් දිනාගත් හෂිනි බාලසූරිය හා සාරංගී සිල්වා එම ඉසව් දෙකට සහභාගීවනු ඇති.

එසේම, කාලවේලාව අනුව මීටර් 400 සහාය දිවීමේ කාන්තා ඉසව්වට ද කණ්ඩායමක් සහභාගී කරවීමට අවධානය යොමුව තිබේ. පසුගිය වර ඉරානයේ දී පැවැති තරගාවලියේදී, කාන්තා සහාය දිවීමේ ඉසව්වට සහභාගී වූයේ කණ්ඩායම් 4 ක් පමණක් වීම හේතුවෙන්, ඉදිරිපත් කර ඇති ක්‍රීඩිකාවන් අතරින් සහාය දිවීමේ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ද පවතී.

Team
Men:
Aruna Darshana – 400m
Indunil Herath – 800m
Women:
Dilshi Kumarasinghe – 400m, 800m
Sarangi Silva – Long Jump
Hashini Balasooriya – Triple Jump
Lakshika Sugandhi – 60m hurdles, Pentathlon
Nilani Rathnayaka – 1500m, 3000m

[wp_show_posts id=”19477″]

ලෝක ශූරතා ගෘහස්ත මලල ක්‍රීඩා උළෙලට සහභාගීවීමට අවශ්‍ය පරිසාධන මට්ටම්.

World Indoor Championship entry standards  

Event Men  Women
60M  6.63 sec 7.30 sec
400M 46.70 sec 52.90 sec
800M  1:46.50 sec 2:01.50 sec
1500M 3:39.50 sec 4:09.00 sec
3000M  7.50.00 sec 8.49.00 sec
60m hur 7.70 sec 8.16 sec
High Jump 2.33m 1.95m
Pole Vault  5.78m 4.70m
Long Jump 8.19m 6.75m 
Triple Jump  17.05m 14.30m 
Shot Put 20.80m  18.30m 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org