සාග් සහය දිවීම් කණ්ඩායම් තෝරාගැනීමේ තරග 20 වෙනිදා

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා කණ්ඩායමේ සහය දිවීම් කණ්ඩායම් තෝරාගැනීම සදහා වූ තෝරාගැනීමේ තරග එළඹෙන 20 වෙනි දින කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වේ .

සාග් සංචිතයට පිරිමි හා කාන්තා  මීටර 4 X 100  හා පිරිමි මීටර 4×400 කණ්ඩායම් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු බැගින් නම් කර තිබෙන අතර ඔවුන් අතරින් 5 දෙනෙකු තෝරාගැනීම එම තේරීම් තරගාවලියෙන් සිදුකරනු ඇති.

කාන්තා මීටර 4×400 තරගයෙන් උපමාලිකා රත්නකුමාරි ක්‍රීඩිකාව පුද්ගලික හේතු මත ඉවත්වීම හේතුවෙන්, ක්‍රීඩිකාවන් 5 දෙනෙකු පමණක් සංචිතයේ ඇතුලත්ව සිටියි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මීටර 4×400 ජාතික වාර්තා ලාබී කණ්ඩායමේ සාමාජිකාවක් වන නිමාලි ලියනාරච්චිට එම තෝරාගැනීම් තරගයට සහභාගීවන මෙන් දැනුම් දී තිබෙන අතර නිමාලි ඇතුලත් වීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත මීටර් 400 සහාය දිවීමේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

ඇය මෙවර ක්‍රීඩා උළෙලේ දී මීටර 800 හා 1500 ඉසව් සදහා සහභාගී වීමට නියමිතවේ.

මෙම තෝරාගැනීමේ තරග මේවනවිට නම් කර ඇති  සාග් සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් විවෘත වන අතර, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට කණ්ඩායම තෝරාගැනීම සඳහා වූ  ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී  අවාසවන්ත ලෙස අබදයට ලක්වූ පසුගිය 2016 වසරේ සාග් මීටර 100 රන් පදක්කම් ලාභී කෙටිදුරදාවන ශුරී රුමෙෂිකා රත්නායකට මෙන්ම මෙම වසරේ දී මීටර් 100 කාන්තා ඉසව්වෙන් දෙවැනි වේගවත්ම කාලය (11.93) වාර්තා කළ  ශෙලින්ඩා ජැන්සන්ට දමේ සදහා සහබාගී වීමේ අවස්තාව අහිමි වනු ඇත.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට කණ්ඩායම තෝරා ගැනීමේ දී, ජාතික ශූරතාවලිය පමණක් යොදාගන්නා බවත්, ඉන් තෝරා ගැනෙන කණ්ඩායම නිළ වශයෙන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී කරවන බවත් තරගාවලියට පෙර සිටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කර තිබූ අතර ඇමරිකාවේ වෙසෙන හරුණී විජේරත්න ද මෙරටට පැමිණ තරගාවලියට සහභාගී වෙමින් සුදුසුකම් ලබා ගත්තාය.

එසේම අපොස උසස් පෙළ සඳහා සහභාගීවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම, තරගාවලියට සහභාගීවූයේ විභාගයට පෙනී සිටින අතරතුරයි.

සාග් සංචිතයෙන් පිට කිසිවෙකුට ඉහත සඳහන් කළ තේරීම් තරග සඳහා සහභාගීවීමේ අවස්ථාව ලබා නොදීමට තීරණය කර ඇත්තේ,  තෝරා ගැනුණු කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවන අසාධාරණය සලකා බැලීමෙන් අනතුරුවයි.

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org