තුන් පිම්මෙන් වැඩ පෙන්වූ හෂිනි සාග් කණ්ඩායමට

By www.ceylonathletics.com | | English, Latest News, Top Stories

එළබෙන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා කණ්ඩායම සදහා ඇතුලත් නොවූ තුන් පිම්ම පැනීමේ ක්‍රීඩිකා හෂිනි බාලසූරිය නැවතත් ඇයගේ දක්ෂතා සලකා බලා කණ්ඩායමට ඇතුලත් කර තිබේ . හෂිනි පසුගිය ජාතික ශුරතවලියේදී තුන්පිම්ම ඉසව්වෙන් දෙවන ස්ථානයට පත්වුයේ විදුෂා ලක්ශානිට පසුපසින් මීටර 12.95ක දක්ෂතාවයක් දක්වමින් .
නමුත් ක්‍රීඩා අමාත්යංශය ,මලල ක්‍රීඩා කණ්ඩායමේ ප්‍රමාණය අඩු කරන ලෙස මලල ක්‍රීඩා සංගමයට දැනුම් දීමත් සමග තුන් පිම්ම ඇතුළු තෝරාගත් ඉසව් කිහිපයක දෙවන ස්ථානයේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සාග් කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබුවා .

එසේ ඉවත් කරද හෂිනි තෝරාගැනීමේ තරගාවලිය වූ ජාතික ශුරතවලියේදී දක්වනලද දක්ෂතාවය වන මීටර 12.95 පසුගිය 2016 වසරේ සාග් ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමට සමාන බැවින් හා දකුණු ආසියානු ශ්‍රේණිගතකිරීම් සලකා බලනමෙන් ඉල්ලා ඇය අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබුවා. එම අබියාචනය සලකා බැලූ ජාතික තේරීම් කමිටුව ඇයව කණ්ඩායමට ඇතුලත් කිරීමට එකගත්වය පල කළා. හෂිනි දැනට දකුණු ආසියානු ශේණිගතකිරීමේ ලයිස්තුවේ (ටොප් ලිස්ට්) 5 වන ස්ථානයේ පසු වන්නේ මීටර් 13.06ක මෙම වසරේ හොදම දක්ෂතාවයක් සමගින් .ඇය මීට පෙර තම හොදම දක්ෂතාවය වශයෙන් මීටර 13.40ක පිම්මක්ද පැන තිබෙනවා

මෙසේ සාග් කණ්ඩායමට ඇතුලත් නොවූ නමුත් පසුගිය වසරේ ලෝකඩ පදක්කමට වඩා දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවත් සිටින අතර ඔවුන්ද දැන් තමන් කණ්ඩායමට ඇතුලත් කරගනිවීයයි බලාපොරොත්තු දලවාගෙන පසුවෙයි

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org