ඩිල්ශාන් ශෙලින්ඩා සුපිරි තලයට ඔසවා පාසල් ක්‍රීඩා උළෙල අවසන් වෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ වැඩි ගෞරව ශාන්ත පීතර විද්‍යාලයට හා වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයට ලබා දෙමින් අද අවසන් විය.

ඉහත පාසල් යුගලය ජ්‍යේෂ්ඨ අංශයෙන් දක්ෂතම බාලක හා බාලිකා කණ්ඩායම් ලෙස කිරුළු හිමිකරගත් අතර, කණිෂ්ඨ කාණ්ඩයෙන් මරදාන ආනන්ද විද්‍යාලය බාලක අංශයෙනුත් බාලිකා අංශයෙන් තණමල්විල විජයපුර කණිෂ්ඨ විද්‍යාලය බාලිකා අංශයෙනුත් ශූරයන් විය.
මෙවර තරගාවලියේ පෙර නොවූ විරූ අයුරින් තරගාවලි වාර්තා 47ක් බිඳ වැටුණු තරගාවලියක් ලෙස වාර්තා පොත් අතරට එක්විය.
තරගාවලියේ සුපිරි ක්‍රීඩකයා ලෙස දංකොටුව ප්‍රදේශයෙන් නවක තරුවක් ලෙස ඩිල්ශාන් බණ්ඩාර සම්මානයට පාත්‍ර වූයේ වයස අවුරුදු 18න් පහළ මීටර් 400 ඉස්ව්ව තරගාවලි වාර්තාවක් ලෙස තත්පර 47.53 ක කාලයකින් අවසන් කිරීම වෙනුවෙනි. වැකඩ මහා විද්‍යාලයේ සිසුවෙකු වන ඔහු දක්ෂතම ක්‍රීඩකයා ලෙස සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සම්මාන ලැබූ පළමු අවස්තාව මෙය වේ.
රාජගිරිය ගේට්වේ විද්‍යාලයේ ශෙලින්ඩා ජැන්සක් දක්ෂතම ක්‍රීඩිකාව වූවාය. ඒ ඇය වයස අවුරුදු 20න් පහල මීටර් 200 ඉසව්ව තත්පර 24.48 ක කාලයකින් නිම කිරීම වෙනුවෙනි.

මේ අතර මෙවර තරගාවලියේ දී අනාගතයට එකතුවන සුපුරි තරු යුගලයක් ලෙස කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයෙි සිතුම් ජයසුන්දර හා වලල ඒ රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න හඳුනා ගැනීමට හැකි විය.

සිතුම් රන් පදක්කම් හතරක් දිනාගත් අතර තරුෂී රන් පදක්කම් පහක් දිනා ගැනීමට සමත් විය.

ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 16 න් පහළ වයස් කාණ්ඩයෙන් තරග වදිමින් ජ්‍යේෂඨයන්ට අභියෝගයක් එල්ල කිරීමට සමත් වීම වි⁣ශේෂත්වයක් විය.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org