තහනම් උත්තේජක ගෙන නිදොස් කොට නිදහස් කළ චෙල්සි පදක්කමක් දිනා දෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

පසුගිය වසරේ දී තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වූ පාසල් වියේ දැරියක් වූ චෙල්සි බෙන්දරගේ අද වසරකට පසුව නැවත තරග බිමට පිවිසෙමින් බෙන්තොට ගාමිණී විද්‍යාලය වෙනුවෙන් පදක්කමක් දිනා දීමට සමත් වූවාය.

සමස්ථ ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වූ අද මීටර් 100 සහාය දිවීමේ වයස අවුරුදු 20න් පහළ බාලිකා ඉසව්වේ දී රිදී පදක්කම දිනා ගත් කණ්ඩායමේ අවසන් ක්‍රීඩිකාව ලෙස චෙල්සි තරග කරමින් රිදී පදක්කම දිනා දීමට සහය විය.

පසුගිය වසරේ දී ඇය තහනම් උත්තේජක ලබා ගත් බවට චෝදනාවට ලක්වූ අතර බී සාම්පලයෙන්ද තහනම් උත්තේජක සංඝටක අඩංගු වූ බවට තහවුරු විය.

කෙසේ වෙතත් පසුගිය දා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඇය සියලු චෝදනාවලින් නිදොස් කො⁣ට නිදහස් කළ බවත්, නැවත තරග කළ හැකි බවත් ප්‍රකාශයට පත් කළේය.

තාක්ෂණික කරුණු මත ඇයව නිදහස් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඇය පළමු වරට සහභාගී වූ තරගවලිය මෙය වේ.

තහනම් උත්තේජක චෝදනාවට වරදකරුවූ ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට පුහුණු කටයුතු වල යෙදීම පවා තහනම් වන අතර ඇය නැවත සුපුරුදු රිද්මයෙන් තරග කිරීම විශ්මය ජනක වේ.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය විසින් සිදු කළ විමර්ශනයෙන් පසුව ඉහත තීන්දුව ගෙන තිබේ.

අද පැවති මෙම ඉසව්වේ ජය ⁣රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලට හිමි විය.

මෙම තරගය පහත වීඩියෝවේ පැය 6යි මිනිත්තු 41 සිට නැරඹිය හැක.

LIVE:- All Island School Games 2019-Day 05

Posted by Ceylon Athletics on Saturday, November 2, 2019

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org