Video: සුමේධ රණසිංහට ලෝකඩ පදක්කම – ග්‍රේෂන්ට සිව්වැනි තැන

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි පදක්කම දිනා දීමට යුද්ධ හමුදාවේ සුමේධ රණසිංහ සමත් විය.

හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වට සහභාගී වෙමින්, සුමේධ ලෝකඩ පදක්කම දිනා ගැනීමට දැක්වූ දක්ෂතාව මීටර් 75.35 ක්.

ඔහු හමුවේ පරාජය වෙමින් සිව්වැනි ස්ථානයට පත් වූ පින්ලන්තයේ ඔලිවර් හැලෙන්දර් ලෝක ශ්‍රේණිගත කිරීම් හී 27 වැනි ස්ථානයේ පසුවන අතර, මෙම වසරේ දක්වා ඇති ඉහළම දක්ෂතාව මීටර් 86.93 ක දක්ෂතාවක් ද දක්වා ඇති ක්‍රීඩකයෙකි. ඔලිවර්ගේ පුද්ගලික හොඳම දක්ෂතාව ලෙස සැලකෙන්නේ මීටර් 88.02 කි.

සුමේධ රණසිංහට තරගය පැවැත්වෙන වේලාව නිසි ලෙස සන්නීවේදන නොකිරීම මත ඔහු අද තරගයට සහභාගී වී ඇත්තේ, ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම හො නොකර බව වාර්තාවේ.

Sumedha Ranasinghe won the Bronze medal in Javelin Throw (75.35m) at Military World Games…

Posted by Ceylon Athletics on Wednesday, October 23, 2019

 
 
1
India
SHIVPAL SINGH
83.33
2
Poland
KRUKOWSKI MARCIN
78.17
3
Sri Lanka
SUMEDHA JAGATH RANASINGHE
75.35
4
Finland
HELANDER OLIVER
74.62
5
India
ABHISHEK SINGH
74.54
6
ROK
BAE YUIL
74.33
7
Finland
KUUSELA TONI
72.47
8
 Switzerland
SCHUERCH BRUNO
71.34

මේ අතර, අද දුර පැනීමේ අවසන් තරගයට සහභාගී වූ යුද්ධ හමුදාවේම ග්‍රේෂන් ධනංජය දුර පැනීමේ ඉසව්වේ දී සිව්වැනි ස්ථානෙන් සෑහීමට පත් වීමට සිදුවිය.

ග්‍රේෂන් මීටර් 7.81 ක දක්ෂතාවක් දැක්වූ අතර, රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනාගත් ක්‍රීඩකයන් පිළිවෙලින් මීටර් 8.15ක්, මීටර් 8.12 හා මීටර් 8.08 ක දක්ෂතාවන් දැක්වීය.

Greshan Dananjaya finished 4th with a leap of 7.81m in Long Jump at the World Military Games… ????????

Posted by Ceylon Athletics on Wednesday, October 23, 2019

 

1
 China
WANG JIANAN
8.15
2
 China
HUANG CHANGZHOU
8.12
3
 Algeria
TRIKI YASSER MOHAMMED TAHAR
8.08
4
 Sri Lanka
LIYANAPEDIGE SHRESHAN DHANANJAYA
7.81
5
 Vietnam
NGUYEN TIEN TRONG
7.78
6
 Ukraine
MAZUR VLADYSLAV
7.73
7
 Poland
JASZCZUK TOMASZ
7.65
8
 Brazil
OLIVEIRA PAULO SERGIO
7.64
9
 Bahrain
SHAHEEN SAAD
7.57
10
 Brazil
DE MELO ALEXSANDRO
7.54
11
 ROK
JOO EUNJAE
7.53
12
 Oman
ALYAARABI SALIM SALEH MUSLALAM
6.92
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org