නිමාලි හා ගයන්තිකා 800 අවසන් තරගයට – සෆාන් 200 අවසන් පූර්ව වටයට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා පැවති දෙවැනි දිනය වන අද පෙරවරුවේ යුද්ධ හමුදාවේ මොහොමඩ් සෆාන් මීටර් 200 ඉසව්වේ මූලික වටයට සහභාගීවිය

එහි තුන්වැනි මූලිකවටයට සහභාගීවෙමින් ඔහු තත්පර 21.98 ක දක්ෂතාවක් සමගින් සිව්වැනි ස්ථානයට පත්වෙමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ඔහු සහභාගීවන අවසන් පූර්ව තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 5.45 ට පැවැත්වෙනු ඇති.

මේ අතර, මෙරට මීටර් 800 ශූරියන් දෙදෙනා වන ගුවන් හමුදාවේ නිමාලී ලියනාරච්චි හා නාවික හමුදාවේ ගයන්තිකා අබේරත්න මූලික වටයට සහභාගීවෙමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තාය.

ගයන්තිකා පළමු මූලික තරගයේ දී තුන්වැනි ස්ථානයට පත්වූ අතර, නිමාලී ලියනාරච්චි දෙවැනි මූලික තරගයේ දී දෙවැනි ස්ථානයට පත්වෙමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවාය.

ඔවුන් දෙදෙනා සහභාගීවන අවසන් තරගය අද අද මෙරට වේලාවෙන් පස්වරු 6.30 ට පැවැත්වෙනු ඇති.

ඊට අමතරව ගුවන් හමුදාවේ තාරිකා කුමුදුමාලි යගුලිය විසිකිරීමේ කාන්තා ඉසව්වටත්, ශ්‍රී ලංකා 4×100 සහාය දිවීමේ කණ්ඩායම මූලිකවටයටත්, සාරංගි සිල්වා දුර පැනීමේ අවසන් තරගයටත් සහභාගී වීමට නියමිතයි.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org