සිනහව අමතක වූ උස පැනීමේ කුමරිය

By www.ceylonathletics.com | | IAAF, International News, Latest News, Sinhala

 

ලෝක ශූරතා මලල ක්‍රිඩා තරගාවලියේ කාන්තා උස පැනීමේ කිරුළ තවදුරටත් තමන් සුරතේම රඳවා ගැනීමට රුසියාවේ මාරියා ලෙසිට්ස්කේනේ සමත් වූයේ, තවදුරටත් තමන්ට තමන්ම පමණක් අභියෝගයක් බව පසක් කරමිනි.

රන් පදක්කම් පිට රන් පදක්කම් ජයගත්තද, තම ජාතික ධජය සුරත රඳවා ගනිමින් ජයග්‍රහණය සැමරීමේ වාසනාවක් ඇයට නොමැත. රාජ්‍ය අනුග්‍රහය සහිතව තහනම් උත්තේජක භාවිත කළ බවට චෝදනා එල්ල කරමින් රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පැනවූ තහනම හේතුවෙන්, මාරියා සේම බොහෝ ක්‍රීඩකයවන්ට ලෝක මට්ටමේ ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට සිදුව ඇත්තේ, ස්වාධීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙසවේ.

2010 යොවුන් ඔලිම්පික් උළෙලේ රන් පදක්කම දිනා ගත් ලෙසිට්ස්කේනේ තම ක්‍රීඩා දිවියේ දී, 2012 කණිෂ්ඨ ලෝක ශූරතා ලෝකඩ පදක්කම, 2013 අන්තර් විශ්ව විද්‍යාල ලෝක තරගාවලියේ රිදී පදක්කම, 2014 ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම මෙන්ම, 2015 ලෝක ශූරතා මලල ක්‍රිඩා තරගාවලියේ රන් පදක්කමද දිනා ගනිමින් රුසියාවට ගෞරවයක් ගෙන දීමට සමත් විය.

නමුත්, රුසියාවට පැණවූ තහනම හේතුවෙන්, ලෙසිට්ස්කේනේට 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවීමේ වාසනාව අහිමි වූවාය. ඇය එහිදී තරග වැදුනේනම් පහසුවෙන් රන් පදක්කම දිනා ගැනීමට ඇයට හැකියාව තිබිණ. ඉන් අනතුරුව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයට කළ ඉල්ලීම පරිදි ඇයට 2017 වසරේ සිට ස්වාධීන ක්‍රීඩිකාවක් ලෙස ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගීවීමේ අවස්ථාව ලැබිණ.

ඒ අනුව 2017 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ඇය, නැවතත් රන් පදක්කම දිනා ගත් අතර, නැවතත මෙවර ද තමන් නමට රන් පදක්කමක් දිනා ගැනීමට ඊයේ(30) සමත් වුවාය.

මීටර් 2.04 ක උස ප්‍රමාණය පහසුවෙන් තරණය කළ ඇය, රන් පදක්කම ස්ථිර කරගැනීමෙන් පසුව රුසියානු වාර්තාව අභිබවා යමින් තම පුද්ගලික හොඳම දක්ෂතාව දැක්වීමට මීටර් 2.08 ක උසක් පැණීමට උත්සාහ කළ ද,එම උත්සාහය ව්‍යාර්ථ විය.

ඒ අනුව ලෙසිට්ස්කේනේ අඛණ්ඩව තෙවැනි වරටත් ලෝක ශූරිය ලෙස කිරුළු පැළදි අතර, දෙවැනි ස්ථානය දිනා ගත් යුක්රේන යොවුන් ක්‍රීඩිකා යරස්ලාවා මහුශික් කණිෂ්ඨ ලෝක වාර්තාව තමා සතුකරගනිමින් මීටර් 2.04 ක දක්ෂතාවක් දක්වා රිදී පදක්කම හිමිකරගත්තාය.

එම සව්වේ තුන්වැනි ස්ථානයට පත් වූ ඇමරිකාවේ වශ්ති කනිංහැම්ද පුද්ගලික හොඳම දක්ෂතාව දක්වමින් මීටර් 2.00 ක දක්ෂතාවක් සමගින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

ESULT
P Athlete Nat Mark
1 ANA 2.04
2 UKR 2.04 WU20R
3 USA 2.00 PB
4 UKR 2.00
5 POL 1.98 SB
6 BLR 1.96
7 CRO 1.93
8 USA 1.93 PB
9 GER 1.89
10 BUL 1.89
11 BEL 1.89
12 UZB 1.89
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org