දුක සතුට මැදින් තරගකාරීව අවසන් වූ ජාතික ශූරතාවලිය – දෙවැනි දිනය

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ඇමරිකාවේ වෙසෙන හිරුණී විජේරත්න මෙරට දී, පිටිය ඉසව්වකට සහභාගීවූ පළමු අවස්ථාව ලෙස මීටර් 10000 කාන්තා ඉසව්වට සහභාගීවූවාය. ඇයට හොඳ අභියෝගයක් එල්ල කළ ලංකා ආරියදාස තරගය අවසන් වන තෙක් කරට කර තරගයක් දෙමින් තම පුද්ගලික හොඳම කාලය ලෙස මිනිත්තු 35:42.3 ක් වාර්තා කිරීමට සමත් වූවාය.

මේ අතර මෙරට මලල ක්‍රීඩාවේ සුවිශේෂි සලකුණක් වූ ශෙහාන් අඹේපිටිය ක්‍රීඩා දිවියෙන් සමුගැනීම සඳහන් කලේය.

මීටර් 200 මූලික වටයෙන් පසුව ඔහු තම සමුගැනීම නිළ වශයෙන් ප්‍රකාශ කළේය.

ශෙහාන් යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උ⁣ළෙලේ රන් පදක්කම් ත්‍රිත්වයක් ලබා ගත් අතර දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා විය.

කුපුන් කුෂාන්ත දකුණූ ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවීමට අවස්ථෘව සලසා ගනිමින් මීටර් 1500 ඉසව්ව මිනිත්තු 3:47.61 ක පුද්ගලික හොඳම කාලය සමගින් ජයග්තේය.

කාන්තා රිටි පැනීමේ ඉසව්ව මීටර් 3.40 ක දක්ෂතාවක් දක්වමින් ජයගැනීමට සචිනී පෙරේරා සමත් වද්දී, එම ඉස්ව්වේ ශ්‍රී ලංකා වාර්තාව හිමි අනීතා ජෙගදීශ්වරන් තුන්වැනි ස්ථානයට පත් වූවාය.

පිරිමි යගුලිය දැමීමේ ඉස්සේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවූ සමිත් ප්‍රනාන්දු පුද්ගලික හොඳම දක්ෂතාව ලෙස මීටර් 16.23 ක දක්ෂතාවක් දැක්වීමට සමත්විය.

ඔහු මීට පෙර දක්වා තිබූ හොඳම දක්ෂතාව මීටර් 15.89 කි.

ලක්ෂිකා සුගන්ධී මෙවර ජාතික ශූරතා තරගාවලියේ වේගවත්ම ක්‍රීඩිකාව වීමට සමත්වූවාය, තත්පර 12.08 ක කාලයක් වාර්තා කළ ඇයට දෙවැනි වූයේ ශර්මිලා ජෑන්. එම ඉසව්වේ වේගවත්ම ක්‍රීඩිකාව වන රුමේෂිකා රත්නායකට තරගයේදී ආබාදයකට ලක්වීමට සිදු වූ අතර, තරගයෙන් ඉවත් වීමට මෙන්ම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ අවස්තාව ද අහිමි විය. රුමේෂිකා 2016 වසරේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම ද දිනාගත් ක්‍රීඩිකාවයි.

වේගවත්ම ක්‍රීඩකයා කිරුළ තියුණු තරගයකින් පසුව තමන් සතුවම තබා ගැනීමට හිමාෂ ඒෂාන් සමත් විය. විනෝජ් සුරංජය, හා යුපුන් ප්‍රියදර්ශන සමගින් කරට කර තරගයක නිරත වූ, හිමාෂ වාර්තා කළ කාලය තත්පර 10.49 කි. විනෝජ් ද එම කාලයම වාර්තා කළ ද අවසන් රේඛාවේ පුණරුපනය අනුව හිමාෂට ජය හිමිවිය.

මීටර් 400 ඉසව්වලදී, නදීෂා රාමනායක හා අරුණ දර්ශන පහසුවෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. නදීෂා පුද්ගලික දෙවැනි හොඳම කාලය ලෙස තත්පර 53.11 ක් වාර්තා කරද්දී, අරුණ නැවත සුපුරුදු රිද්මයට පැමිණෙමින් තත්පර 46.76 ක කාලයක් වාර්තා කළේය.

දිනයේ පැවති සෙසු තරග අතරින් වැඩි අවධානයක් තමන් වෙත ලබා ගැනීමට පිටියේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩිකාවක් වන හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීකා ලක්මාලී සමත් වූවාය.

වසර ගණනකින් පසුව මීටර් 57.00 සීමාව පසු කළ ඇය මීටර් 57.19 ක දක්ෂතාවක් දැක්වූයේ නදීෂා ලේකම්ගේ දෙවැනි ස්ථානයට පත් කරමිනි.

මිටිය විසිකිරීමෙන් සිසිර කුමාර මීටර් 50.86 ක දක්ෂතාවක් දැක්වූ අතර, මීටර් 2.13 ක දක්ෂතාවක් දැක්වූ උෂාන් තිවංක උස පැනීමේ රන් පදක්කම දිනා ගත්තේය.

මෙහිදී කණිෂ්ඨ ක්‍රීඩකයෙකු වන පී.එස්. තාරුක මීටර් 2.09 ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම දිනා ගැනීම විශේෂත්වයක් විය.

මේ අතර, කාන්තා යගුලිය දැමීමේ ඉසව්වෙන් තාරිකා කුමුදුමාලී නැවතත් ජාතික ශූරිය වූවාය.

පසුගිය වසරේ ද මීටර් 10000 ජාතික ශූරයා වූ කුමාර් ශ්මුගේෂ්වරන් මිනිත්තු 31:00.46 ක කලායක් සමගින් රන් පදක්කම දිනා ගනිමින් සිය කිරුළ රැකගත්තේය.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org