දුක සතුට මැදින් තරගකාරීව අවසන් වූ ජාතික ශූරතාවලිය – පළමු දිනය

By www.ceylonathletics.com | | Sinhala, Top Stories

පළමු දිනයේ පළමු ශ්‍රී ලංකා වාර්තාව ලෙස නිමාලී ලියනාරච්චි බලාපොරාත්තු නොවූ වාර්තාවක් තමන් නමට ලියා ගැනීමට සමත් වූවාය. මීටර් 800 ඉසව්වට පෙර පුහුණු තරගයක් ලෙස මීටර් 1500 ඉසව්වට සහභාගීවූ ඇය වසර 11 ක් පැරණි ර්‍ශී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත්වූවාය.

4:15.86 කාලයක් වාර්තා කළ ඇය තරගයෙන් පසුව පැවසූවේ, 2011 වසරින් පසුව තමන් ප්‍රධාන පෙළේ තරගවලියකදී මීටර් 1500 ඉසව්වට සහභාගීවූයේ පළමු වතාවට බවයි. එම අවස්ථාවේ දී, රන් පදක්කම සේම ශ්‍රී ලංකා වාර්තාවද සතු කරගැනීමේ අවස්ථාව ලැබීම ගැන සතුටු වන බව ද ඇය පැවසුවාය.

තරගාවලියේ පළමු දිනය ආරම්භයේ දී,ම පුද්ගලික දෙවැනි හොඳම කාලය වාර්තා කරමින් මීටර් 3000 බාදක දිවීමේ ශූරිය තමන් බව තහවුරු කිරීමට නිලානී රත්නායක සමත් වූවාය.

පසුගිය වසරේ 9:46.76 කාලයකින් ශ්‍රීලංකා වාර්තාව පිහිටුවූ ඇය මෙම තරගයේ දී මිනිත්තු 9:50.74 ක ලායක් වාර්තා කළාය.

කාන්තා උස පැනීමෙන් නැවතත් තමන් ජාතික ශූරිය බවට තහවුරු කිරීමට දුලාංජලී රණසිංහ සමත් වූයේ මීටර් 1.75 ක දක්ෂතාවක් දක්වමිනි.

පිරිමි තුන්පිම්ම ඉසව්වෙන්, පෙරළියක් ඇති කිරීමට ශ‍ෙෆ්‍රීන් අහමඩ් සමත් වූයේ, ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන ග්‍රේෂන් ධනංජය දෙවැනි ස්ථානයට ඇද දමමිනි.

පුද්ගලික හොඳම දක්ෂතාව දැක්වූ ශෆ්‍රීන් මීටර් 16.33 ක දක්ෂතාවක් දක්වද්දී, ආබාදයක් සමගින් ක්‍රීඩා කළ ග්‍රේෂන්ට දැක්වීමට හැකි වූයේ මීටර් 16.10 ක දක්ෂතාවකි.

ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන ගයාන් ජයවර්ධන (56.40 m) කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් නැවතත් ජාතික ශූරයා බව තහවුරු කරගත්තේය. (50.59)

පසුගිය වසරේ දී ද ජාතික ශූරයා වූ රොෂාන් ධම්මික රණතුංග පුද්ගලික හොඳම දක්ෂතාව දක්වමින් නැවත සිය කිරුළ රැකඟැනීමට සමත් විය. තත්පර 14.16 ක දක්ෂතාවක් දැක්වූ රොෂාන් පලමු කඩුල්ලේ දී ම බාධාවකට ලක්වුව ද නැවත තරගයට පිවිසෙමින් උපරිම දක්ෂතාව දැක්වීම පැසසිය යුතුවේ.

එහි කාන්තා ඉසව්වෙන් (100) ලක්ෂිකා සුගන්ධී සුපිරි කාලයක් වාර්තා කරමින්, ප්‍රේක්ෂකයින් පුදුම කිරිමට සමත් වූවාය. ඇය පුද්ගලික හොඳම කාලය ලෙස තත්පර 13.59 ක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගනිද්දී, ඉරේෂානී රාජසේකර ද පුද්ගලික හොඳ කාලය ලෙස තත්පර 13.90 ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනාගත්තාය.

දුර පැනීමේ කාන්තා ඉසව්වේ දී, සියල්ලෝ අන්ද මන්ද කරමින්, තුන් පිම්මේ ජාතික වාර්තාව හිමි විදූෂා ලක්ෂානී සිය පුද්ගලික හොඳම දක්ෂතාව දක්වමින් ජාතික ශූරිය බවට පත් වූවාය.

මීටර් 6.23 ක දක්ෂතාවක් දක්වමින් ඇය පළමු ස්ථානයට පත් වද්දී, අගේ ප්‍රභලතම ප්‍රතිවාදීන් වූ සාරංගී සිල්වාට හා අන්ජානී පුල්වන්ස ට පිළිවෙලින් හිමි වූයේ සිව්වැනි හා දෙවැනි ස්ථානයි.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org