මහමග පැවති දුර පැනීමේ තරගයට විශාල සෙනගක් (Video)

By www.ceylonathletics.com | | International News, Latest News, Sinhala

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයෙන් පැවත්වණු ලබන අභියෝගතා තරග මාලාවේ චීනයේ නැංජින් හී දී පැවැත්වෙන තරගාවලියේ දුර පැනීමේ තරග ඊයේ පැවැත්විණ.

එහි විශේෂත්වය වූයේ, ක්‍රීඩාංගණයක් තුළ නොපැවැත්වූ මෙම තරගය විශේෂයෙන් ඉදිකළ පීඨිකාවක සිට නගර මධ්‍යයේ පැවැත්වීමයි.

ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙන්ම, මලල ක්‍රීඩාවට ඉහළ ආකර්ෂණයක් ලබා ගැනීමේ අරමුණෙන් මෙය පැවැත්වා තිබේ.

මෙම විශේෂ තරගයේ දී, ජයග්‍රහණය වාර්තා කිරීමට මීටර් 8.21 ක දක්ෂතාවක් දැක්වූ ජැමෙයිකාවේ ටජේ ගේල් සමත් විය.

මේ සඳහා විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් තිබීම ද විශේෂත්වයක් විය.

තරගයේ ප්‍රථිඵලය සහ වීඩියෝව

1. Tajay Gayle, JAM, 8.21 (+0.2)
2. Zhang Yaoguang, CHN, 8.10 (+0.0)
3. Gao Xinglong, CHN, 8.10 (-0.3)
4. Damar Forbes, JAM, 7.90 (-0.4)
5. Huang Changzhou, CHN, 7.75 (-0.3)
6. Miltiadis Tentoglou, GRE, 7.72 (+0.1)
7. Zach Bazile, USA, 7.64 (+0.2)

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org