මහේල‍්, සංගා, මුරලිගේ ගුණ ජය සතුට පදනමෙන් මලල ක්‍රීඩාවටත් අත හිත

By www.ceylonathletics.com | | Sinhala, Top Stories

කුෂිල් ගුණසේකර මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ ගුණ ජය සතුට පදනම (Foundation of Goodness) මගින් මහනුවර ස්වර්ණමාලී විද්‍යාලයේ ක්‍රීඩිකා ආමාෂා සිල්වාට ඔස්ට්‍රේලියාවේ පුහුණුවීම් සිදුකිරීමට අනුග්‍රාහකත්වයක් ලබා දී තිබේ.

මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් වැනි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද ආධාරුතිව ක්‍රියාත්මක වන ගුණ ජය සතුට පදනම උතුරු පළාතේ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට විශාල සේවාවක් කළේය.

එසේම ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හා දරු දැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය වර්ධනය කිරීමට ද ඉහත පදනම මගින් සාධනීය සේවාවක් සිදු කළේය.

ඉන් නොනැවතී, නැගී එන කෙටි දුර ධාවන ශූරියෙකු වන අමාෂා සිල්වාට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී පුහුණුකටයුතු සිදු කිරීමට සහයෝගය දැක්වීමට පෙළඹීම පැසසිය යුතු ය.

මෙහිදී අශේන් මලලසේකර මහතාටද විශේෂ ස්තූතියක් පිරිණැමිය යුතු වේ.

අමාෂා ඔස්ට්‍රේලියාවේ දී පැවැති පුහුණු තරග කිහිපයක දීම, වේගය සාමාන්‍ය අගයක පවත්වා ගැනීමට සමත් වුවාය.

ඇය පිළිවෙලින් තරග හතරක දැක්වූ කාලයන් තත්පර 11.66, 11.90, 11.94 හා 11.94 ලෙස දැක්වේ.

ඒ සම්බන්ධයෙන් පළමු ලිපි – අමාෂාට ඔස්ට්‍රේලියාවේ දී ජයග්‍රහණයක්

19 වැනි වියේ පසුවන අමාෂා පසුගිය වසරේ පැවති දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී, මීටර් 100, මීටර් 200, මීටර් 100 සහාය දිවීම හා මීටර් 400 සහාය දිවීම යන ඉසව්වලින් රන් පදක්කම් දිනා ගත්තාය.

ඇය ජපානයේ පැවැති ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී, රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමටද සමත් වූවාය.

මෙම කාර්යය ඉදිරියට ගෙන යමින්, ග්‍රාමීය ප්‍රදේශවලින් ජාත්‍යන්තර තලයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගෙන යාමට පිටුවහලක් වීමට සෙසු අනුග්‍රාහකයන්ද ඉදිරිපත් වේනම් එය මලල ක්‍රීඩාවට විශාල මෙහෙවරක් වනු ඇත.

උතුරු පළාතේ ක්‍රිකට් සංවර්ධනය කිරීම වෙනුවෙන් ආරම්භ කළ මුරලි කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ගත් සේයාරුවක් Photo Credit: Batasman.com

[embedyt] https://www.youtube.com/embed?listType=playlist&list=PLUuPjxKNztcSycWvpvBiyZaiJiaxl7xVr&v=iChHsokV-Ac&layout=gallery[/embedyt]

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org